Ampara, සිංහල, Governance, Life quips, Stories from the silent

‛‛අපට බොන්න වතුර දියව්’’ – දීඝවාපි වැසියෝ උද්ඝෝෂණයේ

Pickt 1

Picket 2

අම්පාර දීඝවාපි ප්‍රදේශයේ සිංහල ගම්මාන වල වැසියන් පෙරේදා (3) තම පානීය ජල අවශ්‍යතාවය සපුරාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරතවූවා. ටයර් පුළුස්සා කළ ගෙඩි හා සටන් පාඨ පුවරු රැගත් ගම්වැසියන් ඉල්ලා සිටියේ දැනට ක්‍රියාත්මක පානීය ජල ව්‍යපෘති යටතේ තම ගම්මාන වලටද පානීය ජලය ලබාදෙන ලෙසයි.
දිඝවාපිය ප්‍රදේශයේ මුස්ලිම් ගම්මාන සියල්ලටම පානීය ජල ව්‍යපෘති හරහා ඔවුන් නියෝජනය කරන ඇමතිවරුන් විසින් පානිය ජලය ලබාදි තිබුනද, ඒ ප්‍රදේශයේ සිංහල ගම්මාන වලට පානීය ජල පහසුකම් ලබාදී නොමැත. එහෙත් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර භාවිත කර ආරම්භ කර ඇති පානිය ජල ව්‍යපෘති වලින් එක් ජන කොටසකට පමණක් ජලය ලබානොදිම අසාධාරණ බවත් උද්ඝෝෂකයන් පෙන්වා දුන්නා.