Colombo, Featured Articles, Features, Politics and Governance

තාමත් අපේ පුත්තු මහ පාරේ

[Photo Credit:www.dailymirror.lk]
පහුගිය සතිඅන්ත පුවත් පත් කිහිපයකම ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් වෙලා තිබුණේ ලංකාවෙන් යවන්න හදන චන්ද්‍රිකාව ගැනයි. මට මේක දැකල හිතා ගන්න බැරි උනේ, මේ ගැන සංතෝෂ වෙන්නද, දුක් වෙන්නද, කියලයි. ඒ මොකද රෝහිත රාජපක්ෂලා චන්ද්‍රිකා යවන්න හදද්දි රෝහිතටත් කලින් ලංකාවේ කැම්පස් වලට ගිය අපේ කොල්ලො කෙල්ලෝ උපාධිය සම්පුර්ණ කර ගන්න බැරුව ලතවෙවි ඉන්නවා. රෝහිතලා උපාධි ඉවර කරල චන්ද්‍රිකාවකුත් යවන්න ලෑස්ති වෙලා. ආඩම්බරකාර තාත්තට නම් මේ ගැන ගොඩක් ආඩම්බර ඇති. ඒත් මේ රටේ තාත්තල අම්මල දුක් විදල උගන්නල ළමයි කෑම්පස් යවපු එකට දුක් වෙනවා ඇති.

රෝහිත පිටරට ඉදන් උපාධි කරද්දි අපේ රටේ උපාධි අපේක්ෂකයින්ට සිද්ධ වුනේ අධ්‍යාපනය රැක ගන්න පාරට බහින්න. ආචාර්යවරු 6% ඉල්ලා පාරට බැස්සා. ඒත් මේ පාර අයවැයෙන් අධ්‍යාපනයට තිබුන ගානත් අඩුකරල. හැබැයි හොදට වියදම් කරල ආඩම්බරකාර තාත්තා තම පුතාට පල්ලේකැලේ පැත්තේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් හදාගෙන යනවලූ. 2011 උසස් පෙළ කරල ප‍්‍රථීපල හින්ද හොදටම හෙම්බත් වෙලා උසාවි ගිහින් කොහොම හරි ප‍්‍රශ්නෙ විසද ගත්ත අයත් තාම ගෙවල් වෙලට වෙලා, මොකද කරන්නේ කියල හිතා ගන්න බැරුව දෙලොවක් අතර අතරමං වෙලා ඉන්නේ. ආඩම්බරකාර තාත්තට නම් මේවා ගැන කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මොකද තමන්ගේ ළමයි ගානට පිටරට වලට යවලා ඕන ඕන උපාධි කරන්න පහසුකම් හදල දෙනවා. ඒ උපාධි ඉවර වෙච්ච ගමන් මොහොතක්වත් ලත වෙවි ඉන්න දුක් වෙන්න ඉඩ තියන්නේ නැහැ චන්ද්‍රිකා යවන්න පහසුකම් හදල දීල, අභ්‍යාවකාශ මධ්‍යස්ථාන හදල දීල, හැම සැප පහසුකමක්ම සපයනවා. කිසි අඩුපාඩුවක් නැතුව. මෙහේ උපාධිධාරියෝ උපාධිය ඉවර වෙලා තව අවුරුදු 4,5 රස්සාවක් ලැබෙනකම් බලන්න ඉන්න ඕනේ. නැත්තම් උසවි යන්න ඕනේ. පාරට බැහැල අරගල කරන්න ඕනේ. එකයි මේ ජාතියේ පියා තමන්ගේ දරුවන්ටයි රටේ දරුවන්ටයි සලකන්නේ.

ලෝකේ ළබාලම අජටාකාශගාමිය වෙන්න රෝහිත බලාපොරොත්තු වෙද්දි අපේ රටේ කැම්පස් වල කොල්ලො කෙල්ලේ බගාපොරොත්තු වෙන්නේ මැරෙන්න කළින් කොහොම හරි උපාධිය සම්පුර්ණ කර ගන්න. ආතාර් සී කාලක් මහත්තයා මේ රටේ අවුරුදු ගානක් ජිවත් උනා. එතරම් කාලයක් බැලූමක්වත් උඩ යවන්න කල්පනා නොකරපු මේ පාලකයෝ රෝහිත උපාධිය සම්පුර්ණ කලා විතරයි, චන්ද්‍රිකාවකුත් යවන්න සුදනම් කරල. ඒකට පාලන මධ්‍යස්ථානයෙකුත් ලංකාවේ හදනවා.

දැන් රටේ මිනිස්සුන්ට උඩ බලාගෙන අපේ රටේ චන්ද්‍රිකාවයි, ඒ චන්දිකාවත් පහු කරන් යන රටේ බඩු මිලයි බලන්න ඉන්න පුඵවන්. මොකද මේ උඩ යවන ඒවට යන්නේ උන් හම්බ කරපු සල්ලි නෙමේනේ. අපේ සල්ලිනෙ. අපේ රටේ ගොඩක් මිනිස්සු මේ ගැන මහරජා එක්ක ගොඩක් සන්තෝෂ වෙයි. අපේ රටෙන් චන්ද්‍රිවකුත් යැවුව කියලා. හැබැයි එක මිනිහෙක්ට හරි තේරුම් ගියොත්, අපිව තලා පෙලා, අපේ රටේ උන්ගේ අධ්‍යාපනය කප්පදු කරල, අධ්‍යාපනය විනාශ කරල උන්ගේ ආශාවල් ඉෂ්ඪ කර ගන්නව කියලා, ඒක ලොකු දෙයක්.

රෝහිතල උඩ යද්දි, අපේ කෙල්ලො කොල්ලන්ට වෙන්න උඩබලන් ඉන්න. ඇත්තටම දැන් උන්ගේ පුත්තු ගගන තලේ තාමත් අපේ පුත්තු මහ පාරේ. අපේ සල්ලි තාත්තලා පුතාල වියදම් කරල, රට සංවර්ධනය කරන්නෙ මෙන්න මෙහෙමයි.

රොෂාන් චතුරංග