Economic issues, Featured Video, Health, Matale

දඹුල්ලේ කුණු කන අලි

[youtube]http://www.youtube.com/watch?v=ZkP6CO3codM[/youtube]

නමුත් යම් ප්‍රමාණයක් මේ කුණුවල තියන නිසා අලින්ට කැවෙනවා ඇති. අලින්ට කන්න නැති උනාම අලි කුඹුරු, වගාවන් විනාශ කරනවා. නමුත් දැන් අලින්ට කන්න උදේ 10.00 වෙනකොට මේවා ගෙනියන නිසා යම් ප්‍රමාණයකට මේ තත්වය අඩුවෙන්න පුලුවන්. සමීක්ෂණයක් කරලා නෑ. නමුත් අපි ඒ ගැන සාකච්ඡා කරනකොට ඒ අදහසත් තිබුණා. මේ ත්ත්වය නිසා යම් පාලනයක් සිද්ධවෙලා තියනවා. නමුත් මෙතන කුණු දාන එකෙන් ජනතාවට හානියක් සිද්ධ වෙනවා.’’ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ, සභාපති කේ. ජී සෝමතිලක මහතා

නම සඳහන් කිරීමට අකමැති වන ජීවි නිළධාරීයෙක් මේ ප්‍රශ්ණය පිළිබදව අප සමග අදහස් දැක්වීය. ‛‛කොහෙත්ම මේ කුණු මෙතන දැමීමෙන් අලි ගම් වදින එක අඩුවෙනවා කියන එක අපිට කොහෙත්ම පිළිගන්න බෑ. දිවා කාලයේදී මේ කුණු කන අලි රෑට අනිවාර්යයෙන්ම ගම්වදින්වා. අනිත් එක තමා මේ කුණුවල තියන අලින්ට අහිතකර දේ විශේෂයෙන් පොලිතින් වැනි ද්‍රව්‍යය නිසා අලින් රෝගී වෙන්න පුලුවන්. අපිට හමුවෙලා තියනවා අලි බෙටිවල පොලිතීන් කෑලි තියනවා. මේක ඉදිරියටත් පැවතුනොත් මිනිසුන්ට වගේම මේ ඉන්න අලි ටිකටත් ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්.’’