සිංහල, Human Rights, Human Security, Kurunegala

කුරුණෑගල බෝම්බ පිපිරීමකින් පාසල් ළමුන් ඇතුලු 13 කට තුවාල

අද උදෑසන කුරුණෑගල නිශ්ශංක විද්‍යාලය අසලදී පාසැල් වෑන් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමකින් පාසැල් ලමුන් ඇතුලු පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලැබුවාය. පොලිසිය පවසන්නේ වෑන් රථය නිශ්ශංක විද්‍යාලය අසල නිවෙසක පෝටිකෝවේ නවතා තිබියදී මෙම පිපිරිම සිදුව ඇති බවයි. මෙම පිපිරීම බොහෝ විට පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් ලෙස පෙනීයන බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කලේය. සිද්ධිය පිලිබඳව වැඩිදුර පරීක්ෂන සිදුවෙමින් පවතී.