Ampara, සිංහල, Batticaloa, Education, Governance, Trincomalee

නැගෙනහිර පළාතේ අධ්‍යාපන කේෂ්ත්‍රයේ තීන්දු ගැනීමේ කාර්යයේදී දෙමළ මාධ්‍යට ප්‍රමාණවත් නියෝජනයක් නැහැ – ලංකා ගුරු සංගමය

නැගෙනහිර පළාතේ අධ්‍යාපනයේ තීන්දු ගැනීමේ කාර්යයේදී දෙමළ මාධ්‍යට ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන බව ලංකා ගුරු සංගමය පවසයි. ජනාධිපතිවරයාට ලිපියක් යවමින් නැගෙනහිර පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින විෂම තත්ත්වය නිවැරදි කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී. නැගෙනහිර පළාත තුළ සිංහල මාධ්‍ය පාසල් 240ක් සහ දෙමළ මාධ්‍ය පාසල් 718 ක් ඇති අතර සිංහල මාධ්‍ය ගුරුවරුන් 4440ක් සහ දෙමළ මාධ්‍ය ගුරුවරුන් 15302 ක් ද සේවය කරති. එසේම මෙම පළාත තුළ සිංහල සිසුන් 71450 ද දෙමළ මාධ්‍ය සිසුන් 258134 ද අධ්‍යාපනය ලබති.
මෙවැනි පසුබිමක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණ ගැනීමේ කාර්යයේ යෙදෙන ඉහල නිළධාරීන් බහුතරය වයස අවුරුදු 60 වැඩි කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සිංහල මාධ්‍යයෙන් කටයුතු කරන නිළධාරීන් වීම විෂම තත්ත්වයක් බව පෙන්වා දෙයි. එසේම නැගෙනහිර පළාතේ අධ්‍යාපන ලේකම්, අතිරේක ලේකම්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුලු ඉහළම මට්ටමේ නිළධාරීන් සිංහල අය වීම තුළ එය මැනවින් ඔප්පුවන බවද පෙන්වා දෙනු ලබනවා.
එසේම මේවන විට ඉහල නිළධාරීන් වෙත යවන සියලු ලිපි ලේඛන පරිවර්ථනය කර ඉදිරිපත් කිරීමට සිදුවී අති බවත් පෙන්වා දෙනවා.ලංකාවේ තීරණ ගැනීමේදී සියළු ජන කොටස් වලට සම්බන්ධ වීමට නොලැබීම බරපතල ගැටලුවක් බවත් මෙවැනි පසුබිමක එම තත්ත්වය තව දුරටත් වර්ධනය වන බවත් පෙන්වා දෙනවා.