Colombo, Democracy, Features, Governance, Reconciliation, Religion and faith

අත සාදුගේ, ගල? | මෙන්න මැරයින් පුලුවන්නම් අත්අඩංගුවට ගන්න

Monk-2-Small

පැපිලියාන ෆැෂන්බග් වෙළද ආයතනයට පහර දුන් ජාතිවාදී මැර කණ්ඩායමේ ප්‍රධානීන් වූ බෞද්ධ භික්ෂූන් ගේ ජායාරූප පහතින් පළවේ. මෙම ජායාරූප පෙළ ග්‍රවුන්ඩ් විව්s වෙබ් අඩවියේ ඊයේ උදෑසන පළ කරන ලදී. ඉහත පළවන ජායාරූපයෙන් සහ පහත පළවන වීඩියෝවෙන් පොලිස් නිලධාරීන් හතර දෙනෙකු මැර භික්ෂුවක් දෙස බලා සිටනු පෙනේ! එම අවස්ථාවේදීම මෙම මැර භික්ෂූව අත් අඩංගුවට නොගත්තේ මන්ද? තවත් එවැනි ජායාරෑප සහ වීඩි‍යෝ දර්ශණ ගණනාවක්ම ද පහත පළවෙයි.

ප්‍රහාරය සිදු වු දිනම මෙම භික්ෂුව එම ආයතනයේ සවිකර තිබූ සියළු දේ එවේලේම සටහන් වන සීසී කැමැරාවට පහර දෙන වීඩියෝවක් ද ප්‍රසිද්ධියට පැමිනුණි. ඩීබීඑස් ජෙයරාජ් සඳහන් කරන්නේ ආයතනයේ ආරක්ෂක කැමරා පද්ධතියෙහි මෙම මැර පිරිස් හි ජායාරූප තොග ගණනින් සටහන්ව තිබෙන බවයි.

Monk-1-Small

මෙම ජාතිවාදී මැර භික්ෂුව කව්රුන්දැයි දැන ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ බොදු බල සේනාවෙන් විමසීම ය.

මෙවැනි ජාතිවාදී මැර භක්ෂුන්ගේ ජායාරුප මෙයට පෙරද ප්‍රසිද්ධියට පැමිණ ඇති අතර ඒ කිසිවකු මේතාක් අත් අඩංඟුවට ගෙන නැත.

ශ්‍රී ලංකාවේ පවතින්නේ නීතියේ පාලනය නොවේ. රාජපක්ෂවරුන්ගේ පාලනය යි. එහි එකම අභිලාශය බලයේ රැදී සිටීම පමණි.

එබැවින් පොලීසිය බලා සිටියදී පෙෘද්ගලික ආයතනයකට ගල් ගසන මේ භික්ෂුවගේ අතෙහි ඇති ගල කාගෙද යන්න පොලීසියේ නිහඩ වීමෙන් සහ මෙවන් ඡායාරෑප ගණනාවක්ම මාධ්‍ය තුල පලවී ඇතත් ගල් ගසන ලද එකදු භික්ෂුවක් අත්අඩංගුවට නොගැනීමෙන් වඩා පැහැදිලි වෙයි.

පහත පලවන්නේ එම සිදුවීම හිරැ ටීවී වාර්තා කර තිබු අයුරැය.

http://www.youtube.com/watch?feature=player_embedded&v=FN7jN11SPNU