Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයේ බලතුලනය තීරණාත්මක අර්බුදයක

CJ Issue

අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝග යෝජනාවක්(1) මගින් එම ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග ආශ‍්‍රයෙන් මතු වූ ගැටලූකාරී තත්ත්වය මේ වන විට ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයේ බලතුලනය පිළිබද තීරණාත්මක අර්බුදයක් දක්වා වර්ධනය වී තිබෙන බව ‘‘අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය හා ශ‍්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය‘‘ යන මැයෙන් විශේෂ තත්ත්ව වාර්තාවක් නිකුත් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙයි.

එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වන්නේ, රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 125 වන ව්‍යවස්ථාව අනුව එය අර්ථ නිරූපනය කිරීමේ බලය ඇති එකම හා අනන්‍ය ආයතනය වනුයේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. එහෙත් මෙම අර්බුදයේදී දෝෂාභියෝගයට අදාල ව්‍යවස්ථා ප‍්‍රතිපාදනයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අර්ථ නිරූපනය(2) සහ රිට් ආඥාවක්(සර්ටියෝරාරි නියෝගයක්) මගින් අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදී ඇති තීන්දුව ද නොතකා(3) ව්‍යවස්ථාදායකය කටයුතු කරන ලදී. ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකය ඉදිරිපත් කළ තර්කය වූයේ ජනතා පරමාධිපත්‍ය හිමි තමන් උත්තරීතර බැවින් තමන්ගේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට කිසිදු ආයතනයකට හැකියාවක් නොමැති බවයි. කෙසේ වෙතත් ව්‍යවස්ථාදායකයේ එම ක‍්‍රියාමාර්ගයත් සමඟ රාජ්‍යයක් සතු කරගන්නා වූ බලය ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ වශයෙන් කොටස් තුනකට බෙදිය යුතු බවත්, ඒ බලය එකිනෙකින් වෙන්ව, ස්වාධීනව පැවතිය යුතු බවත් කියැවෙන සංවරණ හා තුලන සිද්ධාන්තය අකර්මන්‍ය වී ශ‍්‍රී ලංකාවේ අධිකරණය විධායකය හා ව්‍යවස්ථාදායකය යටතේ පාලනය වන ද්විතීයික ආයතනයක් බවට පත්ව තිබේ.

එම සම්පූර්ණ වාර්තාව කියවන්න

###

විශේෂ තත්ත්ව වාර්තාවක් | ‘‘අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය හා ශ‍්‍රී ලංකාවේ අධිකරණ ස්ව… by Sampath Samarakoon

www.tisrilanka.org