සිංහල, Colombo, Culture, Democracy, Development, Economy, Features, Human Rights

ගෙදර යන ගමන් ”HUMBER DATES”

ආහාර ද්‍රව්‍ය ඇතුලු බොහෝ භාණ්ඩ අලෙවි කරන පැරණිම සුපිරි වෙළද ආයතනයක් වන කාගීල්ස් ෆුඩ් සීටී තුළ මුස්ලිම් ජනතාව විශේෂයෙන් මේ දිනවල ඔවුන්ගේ උපවාස කාලයේදී ආහාරයට ගන්නා රට ඉදි වර්ගයක වෙළද නාමය ”HUMBER DATES” යැයි සලකුණු කරමින් අලෙවි කිරීමට තබා ඇත. එය අද උදෑසන 11.41වන විට කොළඹ, ඩුබ්ලිකේෂන් පාරේ, ෆුඩ්සිටී වෙළද ආයතනයෙන් ඕනෑම අයෙකුට ලබා ගැනීමේ පහසුකම සළසා දී තිබේ.

විශේෂයෙන් ‘හම්බයා‘, ‘හම්බ‘ යන වචනය භාවිතා වන්නේ කුමන අවස්ථාවලදී ද යන්න, සිංහල බෙෘද්ධ(?) අන්තවාදී කණ්ඩායම් බඩපිනූම් ගසන මෙවන් කාලවලදී ඔනෑම අයෙකුට කඩ පිලේ සිට අන්තර්ජාලය දක්වා ඇති ඕනෑම තැනකදී දැක බලා ගැනීමට හැකියාව ඇත. නමුත් එහි තවත් පැති කඩක් වන්නේ ‘හම්බ‘ යන වචනය හා බැදි මුස්ලිම් ජනයා සම්බන්ධ ඉතිහාස කතාවන් ද සොයා ගැනීම විරළ නොවේ. එක් අර්ථයකින් මුස්ලිම් ජනයා විශේෂී අවස්ථාවක හම්බන්තොට වරායෙන් පැමිණීම නිසා, ‘හම්බන්තොටින්‘ පැමිණි නිසා ‘හම්බන්‘ බවටත් එය පසුව ‘හම්බයන්‘ වූ බවටත් ඇතැම් ජනප්‍රවාදවල පැවසේ.

කෙසේ නමුත් එකක් නම් මෙම වචනය ‘මුස්ලිම්‘ ජනයා ආමන්ත්‍රණය කිරීමට යොදාගත් වචනයක් බව ගමේ සිට නගරය දක්වා විසිරි සිටින බොහෝ මිනිසුන් දන්නා කරැණකි.(ඇතැම් අය වර්තමානයේ මෙය තමන්ගේ අශිෂ්ඨත්වය පෙන්වීමට භාවිතා කළත්, තවත් සමහරැ එය තම ශබ්දකෝෂයෙන් මකා ඇත්තේ ශිෂ්ඨ බව පෙන්වීමටය) නමුත් වර්තමානය මෙන් නොව කලකට පෙර එය සාමන්‍ය නමක් ලෙස භාවිතා වුවත්(කියවන්න You Can Call Me A Hambaya, But…) අද එය ලාංකීය සමාජය තුළ භාවිතා වන්නේ ඉතාමත් බිය කරැ අන්දමකටය. ‘නමකින්‘, ‘වචනයකින්‘ කිසිදු හානියක් නොවනවා යැයි යමෙකුට හිතන්නට පුලුවන. නමුත් ‘වචන‘, ‘භාෂාව‘, ‘වර්ණය‘, ශිෂ්ඨ ලෙස භාවිතා නොකරමින් එක් ජාතියක් තවත් ජාතියකගේ අභිමානයට හානි කරමින් වසර ගණනාවක් අප සමාජයට සිදුකර ඇති ව්‍යසනය අප්‍රමානය. එය තවත් හොදට සොයා බැලීමට ළමුන් කියවන ඉතිහාස කතන්දර පොතේ සිට ඇතැම් විට විශාල ග්‍රන්ථ දක්වා පරිශීලනය කිරීමෙන් සොයා ගත හැකිය. දැන් සිදුවෙමින් පවතින්නේ එම ව්‍යසනයන් නැවත අප සමාජය තුල මතුවීමට ඇතැම් අන්තවාදීන් ගන්නා මුග්ධ උතසහයන්ය. එය මානව විරෝධී මෙන්ම සමාජයකට විශාල ලෙස හානිකරය. කුඩා වැරදි දෙයකින් විශාල ව්‍යසනයක් සිදුවන්නට පුලුවන් බව වසර 30කට වඩා යුද්ධයෙන් බැට කෑ සමාජයේ ඇතැම් කොටස් වලට තවමත් තේරැම් ගොස් නැත.

නමුත් ජාතියකට කිසියම් යෙදුමක් මොනයම් හෝ අර්තයකින් සමාජය තුළ භාවිතා වන විට එය තවත් පැත්තකින් එහි ඇති කුණු ජනප්‍රියත්වය නිසා එයට වෙළදපල වටිනාකමක් එක් කිරීම තවත් පසකින් ඛේදජනකය. එය අනෙක් පසින් මෙම වෙළදපල ආර්ථිකයේ ඇති බිහිසුණුම අවස්ථාවක් ලෙසද සලකා බැලීමට පුලුවන.

අන්තවාදී කණ්ඩායම් විසින් අනෙක් ජාතීන් මර්දනය කිරීමට සහ ඔවුන්ගේ සංස්කෘතික අයිතින් පවා මර්දනය කරමින් සිටින මොහොතක දැන හෝ නොදැන කිසියම් ජාතියකට වේදනා දනවන අයුරින් ‘වෙළදපොලේ‘ පවා මෙසේ හැසිරීම ඉතා බිහිසුනු අනාගතයක පෙර නිමිතිය.

මේ බිහිසුනු බව නිසාවෙන්ම එම නිශ්පාදනය අලෙවි කරන කාගීල්ස් ෆුඩ් සීටී ප්‍රධාන කාර්යාලයට ඇමතු අතර පැයකට ආසන්න කාලයක් උත්සහ කළ මුත් සාධනීය ප්‍රතිචාරයක් අපට ලබා ගත හැකි වූයේ නැත. ‘රටගැන හිතන, ඔබ ගැන හිතන‘ වැනි අසිරිමත් ආදර්ශ පාඨයන් අසමින් දුරකතනය තුළ පැයකට ආසන්න කාලයක් රස්තියාදු කරමින් අපට ලබා දුන්නේ එම නිශ්පාදනය ෆුඩ් සිටී ආයතනයට ලබා දුන් තැනැත්තාගේ නම පමණය. නමුත් අප කල්පනා කරන්නේ වෙළද ආයතනයකට, එයට එහා ගිය, සමාජ වගකීමක් ද ඇති බවය.

එබැවින් ගෙදර යන ගමන් ජාතිවාදය ඔලුවල විතරක් නොව මලුවල ද පුරවාගෙන යාමට ඉදිරියේදී ලාංකීය පාරිභෝගියාට හැකි වීම දැන් ආරම්භ වී ඇතැයි පෙනෙන්නට තිබෙන බව ද කණගාටුවෙන් උවද සටහන් කරමු.

ඡායාරෑප අනුග්‍රහය :groundviews.org

image 01

Image 02

Food City Bill
පහත දැක්වෙන්නේ එම දුරකතන සංවාදයයි.(මෙය සංස්කරණය නොකරන ලද හඩපටයක් වන බව සලකන්න)

[soundcloud url=”http://api.soundcloud.com/tracks/101701611″ params=”” width=” 100%” height=”166″ iframe=”true” /]

[soundcloud url=”http://api.soundcloud.com/tracks/101702175″ params=”” width=” 100%” height=”166″ iframe=”true” /]

Update, 24th July 2013, 05.15am:

මෙම හම්බර් ඩේට්ස් නම් ඉදි වර්ගය බෙදා හරින ලද ස්ථානය පිළිබදව දැනට සිදු කරන ලද විමර්ශනයට අනුව,

01. මෙම හම්බර් ඩේට්ස් නම් දි වර්ගයේ දවටනයේ ඇති අංක 29, දරණ ස්ථානයේ එවැන්නක් සිදු නොකරන බවත් එහි අලෙවි කරන්නේ සහ බෙදා හරිනු ලබන්නේ සහල් වර්ගයක් බවත්,

02. Old Moor Street පිහිටා ඇත්තේ දවටනයේ සදහන් ලෙස කොළඹ 11 නොව කොළඹ 12 බවත්, අනාවරණය විය.

මේ පිළිබදව තව දුරටක් මේ වන විට සොයා බැලීම් සිදු කරනු ලබයි…