Arts and Theatre, Colombo, Democracy, Features, Human Rights, Life quips, Politics and Governance

කලු ජූලියට වසර 30ක් ගෙවීයන මොහොතේ ‘සුන්දරකරණය‘ හරහා ප්‍රශ්ණ කරන ඊනියා සුන්දරකරණය

IMG_0045

චන්ද්‍රගුප්ත තේනුවර ප්‍රවීන කලාකරැවාගේ දෘශ්‍ය ප්‍රදර්ශණයක් ‘සුන්දරකරණය‘ නමින් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් කලාගාරයේදී පැවැත්වෙයි. ප්‍රවීණ කලා කරැවෙක්, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වන චන්ද්‍රගුප්ත තේනුවරයන්ගේ මෙම ප්‍රදර්ශණය පැවැත්වෙන්නේ මෙම වසරේ සුවිශේෂි අවස්ථාවකය. එය නම් 1983 කලු ජූලියට වසර 30 සපිරෙන මොහොතකය.

IMG_0023

1983 කලු ජූලියට වසර 30ක් ඉක්ම යන මේ මොහොතේ පවතින දේශපාලන, සමාජ පරිසරය කිසියම් ආකාරයකට ප්‍රශ්ණ කරමින් පැවැත්වෙන මෙම සුන්දරකරණය නම් දෘශ්‍ය ප්‍රදර්ශණය විසින් නීතියේ පාලනය බිදවැටීම, යුද්ධය, යුද්ධයේ විනාශය, වගේම උතුරේත් දකු‍ණේත් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන සහ එම ඝාතනයන්ට වගකිවයුත්තන් පිළිබදව හෙලිදරවු කරමින් ඔවුනට යුක්තිය ඉෂ්ඨ කිරීමට පාලකයින් ට තවමත් නොහැකිවීම සම්බන්ධයෙන් ඉතා ප්‍රභල ලෙස මෙම ප්‍රදර්ශනයෙන් තේනුවර ප්‍රශ්ණ කරනු ලබයි. අනෙක් ප්‍රධාන කරැණ නම් යුද්ධයෙන් පසු ලංකාවේ සිදුවන බොහෝ ප්‍රජාතන්ත්‍රවිරෝධී තත්ත්වයන්ද ප්‍රශ්ණ කරන තේනුවර ඔහුගේ ‘සුන්දරකරණය‘ දෘෂ්‍ය ප්‍රදර්ශණය ගැන මෙසේ පවසයි. ‘‘…..දැන් යුද්ධයේ නිමාවත් සමග අපිට වැඩිපුර මතුවෙච්ච කරැණක් තමයි, රාජ්‍ය ව්‍යාපෘති අතර යෝජනාවෙච්ච නගර අලංකරණය. ඉතින් ඒකට ඉංග්‍රීසියෙන් යොදාගත්තා Beautification කියලා. ඉතින් ‘සුන්දරකරණය‘ කියන වචනය යොදන්නේ ඒ හරහා. ඒක මම දකින්නේ කිසියම් ආකාරයකින් ප්‍රශ්ණවලට පිළිතුරැ සපයන්නේ නැතිව ඒවා සගවා තබන අලුත් ක්‍රමයක් හැටියට. එය අලුක් කැමර්ෆ්ලාජ් ක්‍රමය. ඒ හරහා තමයි මිනිසුන්ව ඊනියා සුන්දරත්වයක් කරා ගෙනිහින් මිනිසුන්ගේ ප්‍රශ්ණ ඒ ආකාරයෙන්ම තබමින් පොළොවට ගාල් කර තැබීම. ඒ හරාහ තමයි ඒ භාෂාවම පාවිච්චි කරමින් සුන්දරකරණය ව්‍යාපෘතිය සදහා යොදා ගන්නා මෙබදු ගල් ඇල්ලීමේ ක්‍රමය, ඒ නිසා එබදු දේවල් මම භාවිතා කරනවා මෙය සදහා…මේ සියලු දේයින් කියවෙන්නේ සුන්දරකරණය හරා යට ගසන ප්‍රශ්ණ…දැන් අනිත් එක හැමතැනම බිත්ති තාප්ප ඉවත් කරයි කිව්වට ප්‍රධානම තැන බිත්ති තාප්ප ඉවත් කරේ නෑ. අරලියගහ මන්දීරයේ කමයි ඉස්සෙල්ලාම බිත්ති, තාප්ප ඉවත් කරන්න් ඕන. එතකොට තමයි මිනිසුන්ට තෙරේන්නේ ඔව් අපිට නිදහසක් සාමයක් තියනවා කියලා. එතන තාප්පත්, වැටවලුත් තර වෙන්නත්, අනිත් මිනිසුන්ගේ තාප්ප කැඩීමත් අතර තියනවා ප්‍රශ්ණයක්.“

IMG_0050
කෙසේ නමුත් තේනුවරයන්ගේ ‘සුන්දරකරණය‘ දෘෂ්‍ය ප්‍රදර්ශණයට පෙර විශේෂයෙන් යුද්ධයත් යුද්ධය විසින් ඇති කරනු ලැබූ පීඩනයත් ප්‍රශ්ණ කරමින් 1997 දී තේනුවරයන් විසින් ‘බැරල්වාදය‘ නමින් දෘෂ්‍ය ප්‍රදර්ශණයක් පැවැත්වීය. එහිදීත් ඔහු, ඔහුගේ බැරල්වාදය හරහා සංවාදයට ලක් කළේ එවකට පැවති යුදමය තත්ත්වයේ ඛේදවාචකය සහ එය විසින් දකුණේත්, උතුරේත් මිනිසුන් මත ඇති කරනු ලැබූ පීඩාකාරී තත්ත්වයන්ය. එපමණක් නොවේ යුද්ධය මුවාවෙන් දකුණේ පාලකයින් විසින් ජනයා මත පටවනු ලැබූ මර්දනයන්ද බැරල්වාදය දෘෂ්‍ය ප්‍රදර්ශනය මගින් ප්‍රශ්ණ කරනු ලැබීය. 2009 මැයි මාසයෙන් පසු දෙමළ ජනයා මත ඇති කරන ලද පීඩාවන් මෙන්ම වර්තමානයේ දකුණේ මතුවෙමින් පවතින සමුහ ඝාතන මිනීවලවල් පිළිබදව කිසියම් සංවාදයක් ඇති කිරීමට උත්සහ කරන සුන්දරකරණය ප්‍රදර්ශණයත් යුද්ධයේ අවසානයට පෙර තේනුවර ඉදිරිපත් කළ බැරල් වාදයත් අතර පැහැදිලි සම්බන්දකමක් පවතින බවද තේනුවර පවසයි.‘‘ බැරල්වාදය පටන් ගන්නෙම 1994 වගේ ඉදලා සාම බලාපොරොත්තුවත් එක්ක. විශේෂයෙන් කොළඹට යුද්ධය පැමිනීම, අපගේ අවකාශයන් හිරවීම අපගේ අනන්‍යතා කුමක්ද බලය කුමක්ද, බෙදා ගන්නේ කුමක්ද? බෙදාගන්නවද නැද්ද, සිංහලද දෙමළ ද කියන සියල්ලම එක්ක තමයි බැරල්වාදය මතුවෙන්නේ. ඊට පස්සේ 2005 විතර වෙනකන් බැරල්වාදය ගිහිල්ලා 2006 දී මම යෝජනා කරනවා නව්‍ය බැරල්වාදය. ඒකේදී එවකට බල ව්‍යාපෘතිය විසින් අපට යෝජනා කරන්නේ කහපාට පොලු දාලා හැම තැනම මග හරස් කිරීම්, ඊට පස්සේ බැරල් වෙනුවට අලුත් බැරල් උනේ ඒ දේවල්. ඒක 2009 වෙනම්ම ගියා. 2009 මැයි 19 වෙනිදායින් පස්සේ දැන් තියෙන්නේ පශ්චාත් බැරල්වාදය. ඒ පශ්චාත් බැරල්වාදයේම කොටසක් තමයි Beautification එහෙමත් නැතිනම් ‘සුන්දරකරණය‘ කියන දෙය. එය වෙන් කරන්න බෑ.‘‘

චන්ද්‍රගුප්ත තේනුවරයන් සමග සුන්දරකරණය දෘෂ්‍ය ප්‍රදර්ශණයත් ඒ හා බැදි දේශපාලනික තත්ත්වයන් පිළිබදව විකල්ප පුරවැසි වෙබ් අඩවිය සිදුකරණ ලද සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ සටහන පහත පළ කරමු.

IMG_0006

IMG_0018

IMG_0021

IMG_0035

More Photos


Created with flickr slideshow.