සිංහල, Badulla, Democracy, Human Rights

ඌව කෘෂි ඇමති සහෝදරයා ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීට පහර දෙයි

මහියංගනය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සී.කේ.බස්නායක මහතා ඇතුළු තිදෙනෙකුට ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සේවා හා සංචාරක ඇමති අනුර විදානගම මහතාගේ සහොදරයෙකු වන තේනුක විදානගම ඇතුළු පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා (2 දා) මහියංගන නගරයේදී පහරදීම හේතුවෙන් ඔවුන් තිදෙනා රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ. මේ පිළිබඳව ඔවුන් මහියංගනය පොලිසියේ සී.අයි.බී (1) 226/117 දරණ අංකය යටතේ පැමිණිල්ලක් කර තිබෙන අතර පොලීසිය මේ දක්වා කිසිදු පියවරක් නොගත් බවද සඳහන්
අප මේ පිළිබඳව මහියංගන පොලිසියෙන් විමසූ අවස්ථාවේ දුරකථනයට පිළිතුරු දුන් මැතිවරණ අංශයේ යැයි පැවසූ නම හෙළිනොකළ පොලිස් නිළධාරියෙක් එවැනි පැමිණිල්ලක් තමන් වෙත ලැබී නැතැයි පැවසූ අතර අප පැමිණිල්ලේ අංකය සඳහන් කළ විට තමන්ට කිසිදු දෙයක් මාධ්‍ය වෙත ප්‍රකාශ නොකරන්නැයි පොලිස්පතිවරයා චක්‍රලේකනයක් එවා ඇතැයිද පැවසුවේය. එම පොලිස් නිළධාරියා වැඩිදුරටත් කියාසිටියේ මාධ්‍ය යැයි කියා විවිධ අය කතා කරන බවත් එම නිසා තමන්ට කිසිවක් කිව නොහැකි බවත් තමන් එසේ කීමට බැඳී නැති බවත් ප්‍රකාශ කලාය.
අප මේ පිළිබඳව මහියංගන මූලික රෝහලෙන් විමසූ විට එහි ප්‍රධානියා පැවසූවේ මධ්‍යම ආණ්ඩුවේ සෞඛ්‍ය ලේකම්ගෙන් හෝ පළාති සෞඛ්‍ය ලේකම්ගෙන් අවසර නොමැතිව තමාට රෝගීන් ගැන කිසිවක් කිව නොහැකි බවය. එසේම රෝගියා හෝ ඔහුගේ ඥාතීයෙක් එසෙත් නැතිනම් අධිකරණ අවසරයකින් තොරව තොරතුරු දීමට තමා බැඳි නැතිබව ප්‍රකාශ කළ ඔහු පැවසූවේ රජයේ නිළධාරියෙකු ලෙස තමා කටයුතු කරන්නේ චක්‍ර ලේඛණ වලින් කමාට ලැබෙන නියෝග උනව බවයි. එසේ නැතිව මාධයට තොරතුරු ලබාදී අමාට අමාරුවේ වැටීමට නොහැකි බව ඔහු පැවසුවා.
කතෘ සටහන – රජයේ නිළධාරීන් ජනතාවට නොව තම පාලකයන්ට පක්ෂපාතී බවට හොඳම නිදසුනකි මේ. එසේම පළාත් සභා ක්‍රමයේ අඩු පාඩු හා රාජ්‍ය සේවයේ අඩු පාඩු නිසා මෙරට රාජ්‍ය සේවය නන්නත්තාර වී ඇති ආකාරය මේ මඟින් පෙනි යන කරුණකි