සිංහල, Batticaloa, Democracy, Governance, Human Rights

ඔට්ටමාවඩි ප්‍රදේශයේ මුස්ලිම් කොන්ග්‍රස් ආධාරකරුවෙකුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්

ඊයේ රාත්‍රී 12.45ට පමණ මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවේ. මෙම නිවස අයිති බී.හුසේන් නැමැත්තා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රබල ආධාරකරුවෙකු වන අතර ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවෙසේ මුස්ලිම් කොන්ග්‍රස් ආධාරකරුවන්ගේ රැස්වීමක් පවත්වා ඇති බවද වාර්තාවේ. මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා අද දින එම ප්‍රදේශයේ සංචාරයක නිරතවීමට බලාපොරොත්තු වන නිසා විරුද්ධවාදීන් විසින් මෙම ප්‍රහාරය සිදුකරන්නට ඇති බව ඒ පිළිබඳව විමසීමේදී එහි ප්‍රකාශකයෙක් අප සමග පැවසූවේය. ප්‍රහාරයෙන් කිසිවෙකුට තුවාල සිදුවී නෙමැති අතර නිවසට හානි සිදූවී තිබිණි.
අප මේ පිළිබඳව වාලච්චේන පොලීසියෙන් කළ විමසීමකදී එහි නිළධාරියෙක් පැවසූවේ ප්‍රහාරයක් එල්ලවී ඇති නමුත් පොලිස් ස්ථානාධිපතිවරයා නොමැති නිසා කිසිවක් පැවසිය නොහැකි බවයි.