පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සම්මන්ත්‍රණයක් ලබන 15(October) වනදා සවස 3ට, කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට කටයුතු සංවිධානය කර තිබේ.

අප විකල්ප වෙබ් අඩවිය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ *අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය එක්ව සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණයේදී සුවිශේෂී අදහස් දැක්වීම් කිහිපයක් සමග විවෘත සාකච්ඡාවන් පැවැත් වීමට ද කටයුතු සංවිධානය කර ඇත. විශේෂයෙන් පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබපද, අන්තර්ජාල මාධ්‍යයේ සීමාකම්, අන්තර්ජාල මාධ්‍ය සහ ස්ත්‍රී,පුරුෂභාවය නිසා ඇති වන තත්ත්වයන්, නවමාධ්‍ය ට ඇති අභියෝගයන් සහ අවස්ථා මෙන්ම පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස, මාධ්‍ය නිදහසේ පැතිකඩක් ලෙස සාකච්ඡා කරන්නේ කෙසේ ද? යන දිශාවන් ඔස්සේ මෙම සම්මන්ත්‍රණයේ අන්තර්ගතයන් විහි දී යයි.

එම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අදහස් දැක්වීම ග්‍රව්න්ඩ්වීව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක, සංජන හත්තොටුව විසින් සිදු කරන අතර, තෙහානි ආරියරත්න, දිනිදු අල්විස්, සුනිල් ජයසේකර සහ අබ්දුල් හලීක් යන අය සිය කෙටි අදහස් දැක්වීම් වලින් සම්මන්ත්‍රණය පෝෂණය කරන අතර එම අදහස් දැක්වීම් මෙහෙයවනු ලබන්නේ අනෝමා රාජකරැණා විසිනි.

‘අන්තර්ජාල මාධ්‍ය ක්‍රියකාරීත්වය‘ යන මාධ්‍ය සාමුහිකයත්, එහි නිළ වෙබ් අඩවියත් හදුන්වා දීම එහි දී සිදු කරනු ලබයි.

මෙම සම්මන්ත්‍රණය සදහා අපි ඔබට, ඉතා ගෞරවයෙන් ආරාධනා කරමු!

IMA Invitation OK x590

(*අන්තර්ජාල මාධ්‍ය ක‍්‍රියාකාරිත්වය[Internet Media Action – IMA] පිහිටුවන ලද්දේ, ඔන්ලයින්(Online) අන්තර්ගතයන් නිෂ්පාදනය, ප‍්‍රකාශනය, ප‍්‍රචාරය සහ සංරක්ෂණය පිළිබඳව විවෘතව සංවාදවල යෙදීමට ද, අභියෝගයන් සහ අවස්ථාවන් ගැන විවෘතව සාකච්ඡා කිරීමට ද ඉන් අවකාශයක් සැපයෙති යි විශ්වාසයෙනි. තොරතුරු දැන ගැනීමේ අයිතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය සහ මානව අයිතිවාසිකම් පිළිබඳව කෙරෙන සාකච්ඡා සඳහා බ්ලොග්කරුවන්, පුරවැසි මාධ්‍ය නිෂ්පාදකයන් සහ පුරවැසි මාධ්‍යවේදීන් ඇතුළු වෙබ් මාධ්‍යවේදීන්, පුරවැසියන් සහ සිවිල් සමාජය ද සම්බන්ධ කර ගැනීම සහ ඇමතීම කෙරෙහි අපි විශේෂයෙන් උනන්දු වෙමු.

තවද, අන්තර්ජාල මාධ්‍ය ක‍්‍රියාකාරිත්වය(IMA) මගින් කෙරෙන්නේ, Online නිදහසත්, ජංගම දුරකථනවලට ද අදාළ වන අයුරින් විවෘත, නිදහස් වෙබ් ජාලයක් සහ අන්තර්ජාලයක් මෙන්ම Online සංවාද මණ්ඩපවලට සම්බන්ධ වන්නන්ගේ ආරක්ෂාව ඉල්ලා සිටීම යි, ඒ සඳහා පෙනී සිටීම යි.)

(මේ පිළිබද වැඩිදුර විමසීම් – [email protected] | Sampath Samarakoon 0777 248304)