Image : Vikalpa.org

“ඔක්කොම කඩේ යනවා” යැයි ප්‍රවීන සංගීත ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ගේ ‘බියෙන් අත්මිදෙමු‘ සංගීත ප්‍රසංගයේ පළමු ප්‍රසංගයේදී ප්‍රවීන කලාකරැවෙකු වන පරාක්‍රම නිරිඇල්ල පවසයි.

පසුගිය 18 වනදා අනුරාධපුර, ශාන්ත ජෝෂප් ‍දෙව්මැදුරැ ශාලාවේ පැවති එම ‘බියෙන් අත්මිදෙමු‘ සංගීත ප්‍රසංගය අතරතුර අදහස් දැක්වීමකට එක්වෙමින් පරාක්‍රම නිරිඇල්ල සිය අදහස් ප්‍රකාශ කල අතර, එහි දී ඔහු විසින් සාදුජනරාවය වැනි ජයතිලක බණ්ඩාරයන්ගේ ගීතමය සංවාදයන් මෙන්ම ජයතිලක බණ්ඩාරයන්ද ගෞරවයට පාත්‍ර කළේය. එසේම ලංකාවේ කලා කරැවන්ගේ සංවිධාන ගතවීමේ දී ඇති වී තිබෙන ව්‍යකූල තත්ත්වය ඔහුගේ විවේචනයට බදුන් වූ අතර ඔහු එහිදී පැවසූවේ, ‘පෑන අල්ලනකොට ඔලුවට එන්නේ ගොක්කොල. එතකොට කොහොමද මේකෙන් මිදෙන්නේ. මේක වෙනස් වෙන්න නම් මොකද්ද වෙන්න ඕන. සංවිධානය වෙන්න ඕන. සංවිධානය වෙන්නේ කවුද? කා සමගද? අපි කිහිප දෙනෙක් ඊයේ පෙරේදා කතා කලා, අඩු ගානේ 5දෙනෙක් එකතු කර ගමු. වෙන්ඩ තියෙන දේවල් ලියලා අඩු ගානේ මොකක් හරි කරමු. 5දෙනෙක් එකතු කර ගන්න බෑ. ඔක්කොම කඩේ යනවා. ඉතින් අපි එකතුවෙන්නේ නැතුව බියෙන් අත් මිදෙන්න බෑ‘‘ යනුවෙනි.

පරාක්‍රම නිරිඇල්ල විසින් සිදු කල කතාවේ සම්පූර්ණ හඩපටය පහතින් දැක්වේ.

[soundcloud url=”https://api.soundcloud.com/tracks/120875683″ width=”100%” height=”166″ iframe=”true” /]

ජයතිලක බණ්ඩාරයන්ගේ ‘බියෙන් අත්මිදෙමු‘ සංගීත ප්‍රසංගයේ පළමු ප්‍රසංගයේ සුවිශේෂී අවස්ථාවන් ඉතා ඉක්මනින් ‘විකල්ප‘ වෙබ් අඩවියි තුළින් බලාපොරොත්තු වන්න