සිංහල, Democracy, Governance, Jaffna

උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කොළඹට – පොලිස්පති අමු අමුවේ මැතිවරණ නීති කඩයි

වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාව පොලිස් මුලස්ථානයට මාරුකර ඇති බව වාර්ථාවේ. අද සවස පොලිස්පතිවරයා විසින් තමාට ඒ පිළිබඳව ලිඛිතව දැනුම්දුන් බව ලෙව්කේ මහතා මාධ්‍යවෙත ප්‍රකාශ කරනු ලැබුවාය.
මේ පිළිබඳව විකල්ප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එම්. කරුණාරත්න මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු දැනුම් දුන්නේ තමාට නිළවශයෙන් ඒ පිළිබදව කිසිවක් කිව නොහැකි බවයි.
අපත් සමඟ මේ පිළිබඳව අදහස් දැක්වූ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා ප්‍රකාශකළේ මෙය ඉඳුරාම මැතිවරණ නිතිය උල්ලංඝනය කිරීමක් බවයි. මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමෙන් පසුව රාජ්‍ය සේවයේ කිසිදු මාරුකිරීමක් සිදුකළ නොහැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළාය.