සිංහල, Colombo, Democracy, Features, Governance, IDPs and refugees, Media

නීතියේ ආධිපත්‍ය හා මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල බලය බිය සැක නැතිව නොසලකා හැරීම : මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ(CMEV) කනස්සල්ල මුසු දැඩි සැලකිල්ලට

CMEV Pres Pub
මෙවර ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ ප්‍රචාරක සමයේ මැතිවරණ ක්‍රියාදාමයේ සුපිලිපන්න භාවය බරපතල ලෙස අභියෝගයට ලක්වීම පිළිබදව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කනස්සල්ල මුසු දැඩි සැලකිල්ල යොමු වී ඇති බව අද(25) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි සම්බන්ධිකාරක ඩී. එම්. දිසානායක මහතා පැවසීය.

එම මධ්‍යස්ථානය අතුරු වාර්තාවක් නිකුත් කරමින් කියා සිටින්නේ,

‛‛නීතියේ ආධිපත්‍ය හා මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල බලය බිය සැක නැතිව නොසලකා හැරීම, තැපැල් ඡන්දය පැවැත්වීමේදී සිදු වූයේ යැයි චෝදනා එල්ලවී ඇති අක්‍රමිකතාවයන්, දැනටද සේවයේ යෙදී සිටින හමුදා නිලධාරීන් දේශපාලන ව්‍යාපාරයෙහි දී මැදිහත්වීම සහ රාජ්‍ය සම්පත් හා රාජ්‍ය මාධ්‍ය ආයතන අයුතු උපයෝජන යනාදිය පිළිබදව වූ තම බරපතල කනස්සල්ල වාර්තා කොට තැබීමට මැතිවරණ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය බලාපොරොත්තු වෙයි. රට තුළ අවතැන්වූවන් විශාල සංඛ්‍යාවකට ප්‍රායෝගික වශයෙන් ගත්කල ඡන්ද බලය අහිමිකරවනු ලැබීම සහ මින් පෙර ද අවධානයට ලක් කරන ලද ඡන්දය පාවිච්චිකිරීමේ අනන්‍යතා ලියකියවිලි පිළබිදව ගැටලු පිළිබදව වූ අපගේ සැලකිල්ල නැවත ප්‍රකාශ කිරීමටද අප බලාපොරොත්තු වෙමු.’’

එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ දිගින් දිගටම සිදු වූ මඩ ගැසීම්, රාජ්‍ය සම්පත් අයුතු උපයෝජනය සහ ප්‍රචණ්ඩත්වය උග්‍ර වීම හා එහි ප්‍රතිඵලයක් ලෙස මිනී මැරුම් 5ක්, ගිනි අවි භාවිතා කරනු ලැබූ සිදුවීම් 121ක්, වාර්තා වූ බවයි.

තවද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ථ සිද්ධින් 51න් වාර්තා වූ බරපතල සිද්ධින් සංඛ්‍යාව 28 ක් වූ අතර එහි ප්‍රතිශතය 55%කි. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ථ සිද්ධින් 66න් වාර්තා වූ බරපතල සිද්ධීන් සංඛ්‍යාව 29ක් වූ අතර එහි ප්‍රතිශතය 44%කි. අනුරාධපුර දස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ථ සිද්ධින් 58න් වාර්තා වූ බරපතල සිද්ධීන් සංඛ්‍යාව 25ක් වූ අතර එහි ප්‍රතිශතය 43%කි. කුරුණෑගල දිස්ත්‍රික්යෙන් වාර්තා වූ සමස්ථ සිද්ධීන් 80න් වාර්තාවූ බරපතල සිද්ධීන් සංඛ්‍යාව 34ක් වූ අතර එහි ප්‍රතිශතය 43%කි.

කෙසේ වෙතත් මෙතෙක් පැවති මැතිවරණ ක්‍රියාදාමයේ යම් කැළැල් පවතින්නේ නමුදු ඡන්ද දායකයන්ගේ බලාපොරොත්තු පැහැදිලි ලෙස නිරූපනය වන ඡන්ද ප්‍රතිඵලයක් සාක්ෂාත් කර ගැනීමේ ඉඩකඩක් තවමත් පවතින බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධස්ථානය දැඩි උනන්දුවකින් අපේක්ෂා කරයි. සියලු ආකාරවල ප්‍රචණ්ඩත්වයන්ට සහ අක්‍රමිකතාවලට එරෙහිවන ලෙසත්, අප සාම්ප්‍රදායික ලෙස සිදුකරන පරිදි විශාල පිරිස් වශයෙන් ඡන්දය පාවිච්චිකරන ලෙසත් එමගින් අපගේ ප්‍රජාතන්ත්‍රික රාජ්‍යකරණ ආයතනයන්හී සහ ක්‍රියාදාමයන් හී සුපිළිපන්නභාවය යථා තත්වයට පත්කිරීමට දායක වන ලෙසත් අප සහෝදර පුරවැසියන්ගෙන් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.