සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ලේක්හවුස් සේවකයන් පිරිසකට ප්‍රහාර

ලේකහවුස් ආයතනයේ මාධ්‍යසේවකයන් පිරිසකට ඊයේ( 1) මැරප්‍රහාරයක් එල්ල වූ බව වාර්ථාවේ. මෙම ප්‍රහාරයෙන් එහි බෙදාහැරීමේ කළමණාකරුවෙකු වන ඩබ්.අයි.ප්‍රේමරත්න මහතා තුවාල ලබා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද වාර්ථාවේ. ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන් පසුව දිගින් දිගටම සිදුවන විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමේ හා රැකියාවලින් දොට්ට දැමීමේ ක්‍රියාදාමයේම තවත් කොටසක් වශයෙන් මෙම ප්‍රහාරයද හඳුන්වා දිය හැකි බව ලේක් හවුස් ආයතනයේ ජාතික සේවක සංගමයේ සභාපති සංජීව සමරසිංහ මහතා අප සමග අදහස් දක්වමින් කියා සිටියා. මැතිවරණයෙන් පසුව ඊයේ ලක්ෂ්මන් යාපා ඇමතිවරයා පළමු වරට ලේක්හවුස් ආයතනයට පැමිණියා. එහිදී ප්‍රිය සම්භාෂණ උත්සවයක් ද පැවැත්වූවා. පසුව ඇමතිවරයා පිටවුගිය පසු ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ අය අප සංගමයේ සේවකයන් හෙයමින් පහර දෙන්න පටන් ගත්තායි ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ස්වාධීන රූපවාහිනියේ මාධ්‍ය සේවකයන් වන ඉන්ද්‍රජිත් වන්නිආරච්චි, සමන්ත රත්නායක, ලසන්ත ප්‍රදීප් කුමාර හා රංජය පුෂ්පකුමාර යන මහත්වරුන්ගේද වැඩතහනම් කර ඇති බව වාර්තාවේ. ඔවුන්ද ජාතික සේවක සංගමයේ සාමාජිකයන් වන අතර රාජ්‍ය මාධ්‍ය ස්වාධීනව පවත්ාගෙන යායුතු බවට පසුගිය මැතිවරණ සමයේදී හඬනැගු වෘතිතීය සමිති ක්‍රියාකාරිකයන්ද වේ.