සිංහල, Colombo, Democracy, Governance, Human Security

පොලිසිය බලා සිටියදීම සත්‍යග්‍රහනයට මැර ප්‍රහාර

Rz-2
RZ-1
අද (10) දහවල් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල දී විපක්ෂය විසින් පැවැත්වීමට නියමිතව තිබූ සත්‍යග්‍රහයට පැමිණි පිරිස් වෙත පොලිසිය බලාසිටියදීම අලුත්කඩේ වටරවුම අසලදී පොලු මුගුරු රැගත් මැර පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. පසුව එම ප්‍රහාරකයන් පිරිස කෙසෙල්වත්ත පොලිසිය ආසන්නයේ පිහිටි හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ පිළිරුව අසල පොලු මුගුරු අතැතිව රැඳී සිටියදී පොලිස් කැරළි මර්දන ඒකක හා අනෙකුත් පොලිස් බල ඇණි ඊට ඉදිරිපසින් බැරියර් යොදා සත්‍යග්‍රහකරුවන් උසාවිය දෙසට ඒම නවතා මැරයන්ට නිදැල්ලේ ඉන්නට ඉඩදී බලාසිටිනු එහි ගිය අපට දැකගන්නට ලැබිණි. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති. ඉන් හය දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව එහි ප්‍රකාශීකාවක් අප සමග පැවසූවා. තුවාල කරුවන් අතර පොලිස් නිළධාරීන් තිදෙනෙක්, සිවිල් වැසියන් හතර දෙනෙකු හා ලක්බිම පුවත්පතේ මාධ්‍යවේදීයෙකුද වනවා.
පැයක පමණ වේලාවකින් පසු සත්‍යග්‍රහයට පැමිණි පිරිස උසාවිය දෙසට ගමන් කරමින් සිටියදී පෙලුමුගුරු රැගත් පිරිස පොලිසිය බලාසිටිදී නැවත වරක් සත්‍යග්‍රහකරුවන් වෙත ගල්මුල් හා බෝතල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. එම අවස්ථාවේදී සත්‍යග්‍රහකරුවන්ද මැර පිරිස් වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම නිසා උසාවි සංකිර්ණය අසල දැඩි කලහාකාරී තත්ත්වයක් හට ගැනුනි. පසුව මැරයන් කෙසෙල්වත්ත පොලිසිය දෙසට පලාගිය අතර පෙලිසි සත්‍යග්‍රහකරුවන් දෙසට කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරීමට කටයුතු කරන ලදි.
දහස් ගණනක පිරිසක් සත්‍යග්‍රහණය සඳහා පැමිණ සිටි අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් මෙන්ම ජෙනාරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මියද ඒ සඳහා එක්ව සිටියහ.
මෙම පිරිස සටන්පාඨ කියමින් රජයෙන් ඉල්ලා සිටියේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාව වහාම අත්අඩංගුවෙන් නිදහස් කරන ලෙසයි. මේ අතර පොලිසි සත්‍යග්‍රහනය නවැත්වීම සඳහා උසාවියෙන් නියෝගයක් ඉල්ලා තිබුනද උසාවිය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
RZ-3