Ampara, සිංහල, Democracy, Human Rights, Media

දෙහිඅත්තකණ්ඩිය පොලිසිය මාධ්‍යවේදින්ගේ කැමරා උඳුරාගෙන තොරතුරු මකයි

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකිරීම සඳහා ඊයේ (11) උදේ 10.30 ට පමණ දෙහිඅත්තකණ්ඩිය නගරයේ පැවැත්විමට නියමිතව තිබූ විරෝධතා රැළියට සහභාගීවීමට පැමිණි පිරිස්වෙත දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් පහර දී එළවා දැමීමේ සිද්ධිය රූපගතකළ සිරස හා ස්වර්ණවාහිණි මාධ්‍යවේදින් දෙදෙනාගේ කැමරා හා ජංගම දුරකථන පොලිසිය විසින් උදුරාගෙන කැමරාවල පටිගතව තිබූ සිද්ධියට අදාල මකාදමනු ලැබුබව විකල්ප වෙත වාර්ථාවේ.
උද්ඝෝෂණයට පැමිණි පිරිස් උද්ඝෝෂණය ආරම්භවන තෙක් තැන තැන රුඳි සිටියදී එහි පැමිණි පොලිසිය එම පිරිස් වෙත ප්‍රහාරයක් එල්ලකරනු ලැබුවා. පසුව එම ප්‍රහාරය වාර්ථාකරමින් සිටි සිරස හා ස්වර්ණවාහිනී මාධ්‍යවේදීන් වෙත පැමිණි පොලිසිය ඔවුන්ගේ කැමරා හා ජංගම දුරකථන උදුරාගෙන ඔවුන් දෙදෙනාව පොලිස් රථයේ දමාගෙන පොලිසිය වෙත රැගෙන යනු ලැබුවා. සිද්ධිය පිළිබඳව පොලිසියේ ඉහළ නිළධාරීන්ට දැනුම් දීමෙන් පසු දෙහිඅත්තකණ්ඩිය පෙලිසියේ ස්ථානාධිපතිවරයා සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදින්ගෙන් සමාව ගෙන කැමරා හා ජංගම දුරකථන නැවත බාරදී ඇත. එහෙත් ඒවන විට පොලීසිය විසින් සිද්ධියට අදාල රූපරාමු සියල්ල කැමරාවෙන් මකා දමා තිබිණි.
දෙහඅත්තකණ්ඩිය නගරයේ පිහිටි පැතුම් ස්ටුඩියෝ ආයතනයේ සේවකයෙකු බලහත්කාරයෙන් පොලිසියට රැගෙන ගොස් ඔහු ලවා කැමරා තුළ රූගතවී තිබූ සිද්ධියට අදාල රූපරාමු සියල්ල මකා දමා ඇති බව පුසව සොයගැනිමට හැකි විණි.