සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights

ජෙනරාල් නිදහස් කරනු – ජවිපෙ විරෝධතා පාගමන

අත්අඩංගුවේ පසුවන ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙසට ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (16) දහවල් කොළඹදී උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබිණි. පුංචි බොරැල්ල හංදියේ සිට ලිප්ටන් වටරවුම දක්වා පැවැත්වුන පාගමන සඳහා විශාල ජනතාවක් සහභාගී වී සිටියහ.
මුලින් පාගමනේ ආරම්භක ස්ථානය වශයෙන් සඳහන් වුයේ බොරැල්ල කැම්බල් පිටියයි. එහෙත් කැම්බල් පිටිය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබීම නිසා පාගමන පුංචි බොරැල්ල හංදියේ සිට පැවැත් වීමට ජවිපෙ නායකයන් තීන්දු කර තිබිණි. ලිප්ටන් වටරවුම අසලද දැඩි පොලිස් රැකවරණ යොදා තිබුන අතර ජවිපෙ නායකයින් විසින් එහිදි රැස්වීමක්ද පවත්වනු ලැබුවා. පසුගිය දින කිහිපය පුරා රට පුරා පැවති සියලු විරෝධතා ව්‍යාපාර වලට පොලිසිය හා මරපිරිස් එක්ව පහර දී කඩාකප්පල් කරනු ලැබුවද මෙම විරෝධතාවයට පොලිසිය බධානොකිරීම කැපී පෙනෙන සිදුවීමකි.
මෙහිදි කථා කළ ජවිපෙ මන්ත්‍රී ලාල්කාන්ත මහතා ප්‍රකාශ කලේ ‛‛රජය විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව අත්ඩංගුවට ගනු ලැබුවේත්, කුදලගෙන යනු ලැබුවේත් අන් කිසිවක් නිසා නොව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා බවයි. එය මේ රටේ ජනතාව හොදින් දන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශකර ඇති බවත් එය රැක ගැනිමට කටයුතු කිළයුතු බවත්ය. ජනාධිපති අපේක්ෂකයාව අත්අඩංගුවට අරගත් පසු මේ රටේ ඇත්තේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්දැයි ඔහු විමසා සිටියා.

v4

v3

v1

v2

v5