ඊයේ රාත්‍රිෙය්දී මගේ ඊමේලයට නේපාලයේ මිතුරෙකුගෙන් කාලයකට පසු පණිවුඩයක් ලැබූ තිබුණි.කාලෙකට පසු මිතුරෙකුගෙන් ලැබෙන පණිවුඩයක් කියවීමේ ප්‍රීතියෙන් එය කියවීමට ගත් විගස ඇතිවූ ඔක්කාරය සහ ලැජ්ජාවෙන් බඩකපා ගැනීමට සිතුනි.

එය ඉතා දිගු ලිපියක් නොවනත් එයින් මාද ඇතුලුව ලංකාවේ රෙදි ගලවා තිබුණි. එහි සිංහල පරිවර්තනය මෙලෙස සටහන් කළ හැකිය.

“සහෝදරයා, උඹ හොදින් ඇති කියලා හිතනවා. උඹ තරහා වෙන්න එපා මෙහෙම ඇහුවට. උඹළගේ රටේ උන්ට මේ තරමටම පිස්සුද? මම අද උදේ පුවත් කියවමින් ඉන්න කොට දැක්කා බුද්ධාගේ ටැටූ එකක් ගහලා තිබුණා කියලා, උඹලගේ රටට ගිය එංගලන්ත ජාතික ගෑණූ කෙනෙක් අත්අඩංගුවට අරගෙන පිටවහල් කරලා තියෙනවා කියලා.ඒකනම් හොදටම විකාර සහගත වැඩක්.”

” අනිත් එක ගෞතම බුද්ධා ඉපදුනේ අපේ රටේ.(නේපාලයේ). හැබැයි අපේ කොල්ලෝ කෙල්ලෝ පවා බුද්ධගේ ටෑටූ ගහගෙන ඉන්නවා. උන් බෞද්ධද කියලා මම දන්නේ නෑ. වැඩකුත් නෑ. මටනම් එක් ෆැෂන් එකක් විතරයි.එක් බුද්ධාගමට හෝ බෞද්ධ දර්ශණයට කිසිම සම්බන්ධයක් නෑ. උඹ දන්නවානේ මගේ ජනවර්ගය කියන්නෙ ‘තමං’ කියලා. 90% බෞද්ධයෝ. ඒක මහායන වෙන එක වෙනම කථාවක්. බෞද්ධ දර්ශණයේ ඔය කොයි යානයකවත් නෑ.එ් වගේම සංස්ථාපිත වෙච්ච ආගමික දර්ශණයකට අපේ ජීවිත පාලනය කරන්න දෙනවානම් ඒ රටේ මිනිස්සු පල්ම මෝඩයෝ කියනවා මිසක් වෙන නමක් මට හොයා ගන්න බෑ. මට උඹේ රටේ මිනිස්සු ගැන ඇත්තේ කණගාටුවකි”

මීට

xxxx xxxx

මට මගේ බඩ කපාගන්න හිතුනේ යැයි මුලින් කීවේ ඒ නිසාවෙනි. නේපාලය තවමත් නූතන තත්ත්වයට ගමන් කරමින් සිටින රටකි. හින්දු සහ බෞද්ධ ආගම් විසින් තිළිණ කළ බොහෝ වැඩවසම් ලක්ෂණ තිබියදී පවා තවමත් මිනිසුන්ගේ දෛනික ජීවිත පාලනය කිරීමට ආගමික සංස්ථාවන්ට හැකි වී නැත. ආගමික සංස්ථාවන් ඔහේ පැවතුනද ඔවුන් ඒවා ඔලුවේ තබාගෙන යන්නේ නැත. හි්න්දු භක්තිකයන්ගේ ඉහළම ආගමික ස්ථානයක් වන ‘පෂුපතිනාත්’ පිහිටා තිබෙන්නේද බුද්ධ දර්ශණයේ නිර්මාතෘ වන ගෞතම බුද්ධා උපත ලද ස්ථානය වන ‘ලුම්බිණි’ ය පිහිටා තිබෙන්නේද නේපාල භූමිය තුලය. නමුත් නේපාලය තුළ තවමත් ආගම් දෛනික ජීවිතය පාලනය කරන තරමට රාජ්‍ය තුළට කාවැදී නොමැති.

ඕනෑම පිරිසකට සිය ආගම ඇදහීමට අයිතියක් තිබෙන අතර එය අතිශය පුද්ගලික කටයුත්තකි. යමෙකුට ආගමික වීමට ඇති අයිතිය සේම අයෙකුට අනාගමික වීමේ ශුද්ධ වූ අයිතියක් තිබේ. එය ප්‍රශ්ණයක් බවට උණනය වන්නේ ආගම විසින් මිනිසාගේ දෛනික ජීවිතය බලහත්කාරයෙන් පාලනය කිරීමට සහ එම ආධිපත්‍ය තුළට අනෙකා බලහත්කාරයෙන් නම්මවාගැනීමට කරන බලපෑම තුළය.

එය සෑම ලෙසකින්ම පැසිස්ට් පන්නයේ ව්‍යාපෘතියක් බවට නිතැතින්ම පත්වෙයි. ලංකාව නම් වූ කොදෙව්ව දැන් අභිමුඛ වී සිටින්නේ එවැනි පන්නයේ පැසිස්ට පාලනයක් ඉදිරියේය. පැසිස්ට් පාලකයක් සෑම විටකම ශුද්ධ වූ දෑ නිර්මාණය කිරීමට උත්සහ කරති. තමන් කිසිදු ලෙසකින් මිශ්‍ර නොවූ ශුද්ධවූ කොටසක් බවටත් එය දිව්‍යම තත්ත්වයක් බවටත් පරිවර්ථනය කිරීමට උත්සහ කරති. යමක් දිව්‍යමය තත්ත්වයක් කරා ගොඩනැගංවීමක් කිරීමෙන් පසු එය ප්‍රශ්න කිරීමට නොහැකි වන අතර අනෙක් සියලු දේවල් පාලනය වන්නේ එය සාපේක්ෂව වෙයි. දෙවියන් ආදේශ වී සිටින්නේ එවැනි තලයක් වෙතය. ඔහු ප්‍රශ්ණ කළ ෙනාහැක්කේ එබැවිනි.

බෞද්ධ දර්ශණයේ අලුත් කලාපයන් වන මියර්මාර් සහ සිංහල-බෞද්ධ කොටස් බෞද්ධ දර්ශණය ආන්තික කරමින් සිටිති. ඒ අනුව සැමවිටම තමන්ට ප්‍රතිපක්ෂව සතුරෙකු ප්‍රක්ෂේපණය කිරීමට ඔවුහු උත්සහ දරති. මියර්මාරයේදී (බුරුමය) රොහිංගා මුස්ලිම් ජනකොටස එම සතුරු කලාපයට ඇද දමා සිටින අතර ලංකාවේ සංදර්භයේදීද දැන් මුස්ලිම් ජනවර්ගය එම සතුරු කලාපය වෙත ඇද දමා තිබේ.

මෙම නව පන්නයේ ආගමික අන්තාවාදී කොටසේ දැකිය හැකි අනෙක් ලක්ෂණය වන්නේ සියලු නූතන සැප ගනිමින් සිටිමින් එහි යම් කොටස් වෙත ඊනියා විරුද්ධත්වයක් පෑමයි.බුද්ධා ටැටූ සහ බුද්ධා බාර් වෙත ඊනියා බෞද්ධයන් දක්වන විරෝධය එවැනි ඝනයේ එකකි.පසුගියදා ඉතාලියේ බුද්ධා බාර් නැමති අවන්හල වසා දමන ලෙස ඉතාලියේ වෙසෙන සිංහල-බෞද්ධයන් පිරිසක් විරෝධතාවයක් පැවැත්වූ බවට පුවතක් කියවීමෙන් පසු මට සිනාසීමට තැනක් සොයා ගැනීමට අපහසු විය. මගේ මිතුරා ඉහතින් කියූ ලෙසම එය එතරම්ම විකාර සහගතය.

විකාරයක් සහගත චින්තනයක් පාලක පන්තියේ අධිපති මතවාදය බවට පත්වූ විට රටක් පත්වන්නේ කුමන තත්ත්වයකට පත්වන්නේදැයි කියා කවුරුන් හෝ විමසූ විටක මට පෙන්වන්ට ඇති සරලම උදාහරණය මා ජන්මලාභය ලැබූ රටය. එනම් ශ්‍රී ලංකාව කියාය.තමන් විසින් තමන්ගේ බලය පවත්වාගෙන යාම වෙනුවෙන් නැවත තමන්ට අදාළව ඒවා නිර්වචනය කරමින් සාදාගත් සිංහල-බෞද්ධාගම, ලංකාව නම්වූ දූපත විශ්ව ගම්මානය තුළ තවදුරටත් හුදකලා කර තිබේ.මෙම හුදකලා වීමේ අනාගත අභියෝගයනම් මෙවැනි අවර ඝනයේ ඕනෑම ඉලව්වකට කප්ගැසීමට භූමියක් සකස් වීමයි.

බුදු සරණයි හෝ ඕනෑම ආගමික සරණක් වැඩිපුර ඇසෙන්නේනම් අප වහා ඒ සම්බන්ධයෙන් අවදි විය යුතුය. එනම් සමාජය පුරා වෛරසයක් පැතිරී යන බවට පළමු සංඥාව එය වෙයි. දැන් වන විට එය සියලු පද්ධතීන් කරා පිළිලයක්සේ විහිදී ගොස් තිබේ.දැන් රට දෛනික විහිලු සපයන විකාර සහගත රටක් බවට පත්වී තිබෙන්ෙන් ඒ නිසාවෙනි.

මේ විකාර සහගත ආගමික-ෆැසිස්ට් උම්මත්තකභාවය මොහොතේ ලංකාවේ සංදර්භය සරලවම මෙලෙස ලිවිය හැකිය.

“සාදු,
වැඩ්ඩා වැඩිල්ලක්
සිවුරු වෙළේ
පොඩිනම් කැලේ
ආනමාලු වේලේ
පංසලේ ”

පසන් ජයතිලක