Bm2QHujCcAAzqHS

පසුගිය මැයි 03වනදාට යෙදී තිබූ ලෝක ජනමාධ්‍ය දිනය දා ඩේලී මිරර් පුවත්පතේ මුල් පිටුව කණපිට පෙරලා මුද්‍රණය කර තිබීම ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබදව නිරැපණය කිරීම සදහා ඩේලිමිරර් වඩාත් උනන්දුවෙන් කල ප්‍රගතිශිලී වැඩක් බව බොහෝ පිරිසක් විශේෂයෙන් අන්තර්ජාල අවකාශය තුළ දක්වා තිබුණි. විශේෂයෙන් මුද්‍රිත මාධ්‍යක එවන් දෙයක් දුටු සැනින් එවන් ආශ්වාදයක් එවන් පිරිස්වලට සිතීමේ වැරැද්දක් නැත. නමුත් කිසියම් විහිළුවටද කාරණාව ඇත්තේ එතනයි.

අවස්ථා කිහිපයක්,
ලංකාවේ පුවත්පත් කතුවරැන් ඝාතනය කර, මාධ්‍ය ආයතනවලට ගිනි තබා, මාධ්‍යවේදීන්ට පහර දී, බිය වද්දා ඔවුන්ව ලංකාවෙන් පිටුවහල්වීමට සිදුවීම වැනි බිහිසුණු තත්ත්වයන් කොපමණ ප්‍රමාණයක් ලංකාවේ ඇති වූවාද? මාධ්‍යවේදීන් කි දෙනෙක් අත්අඩංගුවට පත් වුවාද? ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත වැනි අවිචාරවත් පනත් යොදාගෙන මාධ්‍යවේදීන් කී දෙනෙක් අත්අඩංගුවට පත්වූවාද? එවන් අවස්ථාවන් වලදී ඩේලිමිරර් එසේ නොකලේ ඇයි.?

අනෙක් අවස්ථාව නම්, මාධ්‍ය වලට සේම ලංකාවේ ජන ජීවිතයේ ‘යහපැවැත්මට‘ සෘජුවම බලපාන සිදුවීමක් ලෙස, අගවිනිසුරැ ශිරාණි බණ්ඩාරණායක මහත්මියව, පාලකයන් විසින් කිසිදු නීතියක් නොසලකා, සිය ධුරයෙන් පහ කළ අවස්ථාව සිහිපත් කර ගන්න.

එසේම, යුද්ධය අවසන් කාලයේ ඇතැම් විට මාධ්‍ය ආචාරධර්ම පවා නොසලකා හරිමින් දෙමළ ජනඝාතක යුද්ධය වාර්තා කලේ ද මෙවැනි ප්‍රධාන ධාරාවේ පුවත්පත් සහ විද්්‍යුත් මාධ්‍යන්ය.

ඒ කිසිදු අවස්ථාවක කිසිදු ප්‍රධාන ධාරාවේ පුවත්පතකට(හිටපු අගවිනිසුරැවරයෙකුගේ ගැටලුකාරී අවස්ථාවක රාවය පුවත්පත හැරෙන්නට) සිය භාවිතාව මෙසේ වෙනස් කිරීමට ධෛර්යක් තිබුනේ නැත.

නමුත්, ලෝක ජනමාධ්‍ය දිනයේදී ඩේලිමිරර් පුවත් පත හදිස්සියේම මෙසේ හැසිරැනේ ඇයි.? එසේම එහි ඔන්ලයින් පිටපත එසේ කනපිට පෙරලා ප්‍රසිද්ධ නොකලේ ඇයි.?

මේ සිදුවීම හදිසි වී කියවා ගැනීමෙන් තාවකාලිකව ‘සවයංවින්දනයක්‘ ලබා ගත හැකි මුත් පසුව කණගාටු විය හැකි බැවින් ප්‍රවේසම් වන්න!