ඇසිය යුතු ප්‍රශ්ණයක් තිබේ. ඒ වෙන කිසිවෙකුගෙන් නොව ඥානාසාර හාමුදුරුවන්ගෙනි. ප්‍රශ්ණය වූ කලී, ඥානසාර හාමුදුරුවනේ දැන් සතුටුද යන්නයි. උන් වහන්සේ වැඩේ කරගෙන ඇත්තාහ. ප්‍රමෝද වී ඇති සේක. පදමට පහස ලබා ඇති සේක. දැන් ඇත්තේ මීළඟ උත්තේජනයට සහ ප්‍රමෝදයට ප්‍රථම කළකිරීමේ සහ කණගාටුවේ හෝරාවයි. සැබවින්ම මෙය ලිංගික ප්‍රශ්ණයකි. උන්වහන්සේ මෙය නොකියා වදාරණ සේක. ඇතැම් විටක ඔහුගේ ගැටලුව එක් මුලොස්මානුවෙකු බහුභාර්යා සේවනයේ යෙදෙන්නේ මන්ද යන්නයි. ඔහුටත් හැකි බව උන්වහන්සේ කියති. සාමන්‍ය මිනිසාට නොතේරෙන්නේ යැයි සිතෙන ඔහු වෙලී සිටින බරපතළ ලිංගික පීඩන උන්මාදයකට ඔහු ඇතුළු එහි ඉහළ පෙළේ නියෝජිතයින් සියල්ලම පාහේ ගොදුරු වී සිටින සැටියෙකි. ඔහුගේම වචනවලින් කිවහොත් ජුන්ඩ මිරිකීමේ ගැටලුව මෙයයි. රටකට වන විශාලතම හානිය සිදුවන්නේ එම රටේ පිණුම් ගසන අමනයින්ගෙන් නොවේ. එම අමනයින්ට පිණුම් ගැසීමට ඉඩදී නිහඬව සිටින බුද්ධිමතුන්ගෙනි. රෝගයට ප්‍රතිකාර නොකොට රෝග ලක්ෂණ යටපත්කිරීම වූ කලී තාවකාලීක සැනසීමට පමණක් හේතුවන දීර්ඝ කාලීන පසු තැවීමට මඟ පාදන ක්‍රම වේදයකි.

පැය කිහිපයක් තුළ ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් විය. ඥාණසාර හිමි කළ අලුගුත්තේරු කටයුත්ත හේතුවන් ජාත්‍යන්තර විලිලැජ්ජාවක් මේ වන විට ලංකාවට ලැබී තිබේ. බැලූ බැල්මට එය බරපතළ හානියක් අත්කර දුන් සිදුවීමක් වුවද මෙහි ඇති දේශපාලන වටිනාකම් අගනේය. අදාළ අකටයුත්ත නිසා මිය ගිය සහ තුවාල ලබූ ජීවිත වලට සාධාරණය ඉටු කළ හැක්කේ මෙය දේශපාලනික වශයෙන් පෞද්ගලික වාසිය සඳහා භාවිතා කිරීමෙන් නොව, පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙනි. මෙම සිදු වීම මූලික කොට ගනිමින් රාජපක්ෂ එලවා දැමීමට හැකි මාවත සකස්වන්නේ නම් එය මින් ලබන විශාලතම වාසිය බව අමුතුවෙන් කිව යුතු නොවේ. බැලූ බැල්මට එය සිහිනයකි. නමුත් සැබෑ නොවන සිහිනයක් යැයි කිව නොහැකිය.

කෙසේ වෙතත්, රාජපක්ෂ දිවයිනට පැමිණි මොහොතේදීම මෙය තමන්ගේ වාසියට පෙරළා ගනු ඇත. අදාළ ප්‍රදේශයේ මහත් දුකක් පුරවාගත් අයෙකු සේ ගොස් එහි සිටින බබාලා දෙතුන් දෙනෙක් වඩාගෙන විශාල රඟපෑමක් සිදු කිරීමට ඔහු පසුබට නොවනු ඇත. ඔහු ගුවන් යානයෙන් ගොඩ බැසූ විගසින් එහි නොගියොත් එය පුදුමයකි. එසේම එහි ගොස් විපතට පත් අයවලුන්ගේ පවුල් වලට මුදල් පරිත්‍යාග ලබාදෙන බව ඔහු කියනු ඇත. ඔහු එන තෙක් අත්‍යවශ්‍ය කිසි දෙයක් සිදු නොවිය හැක්කේ මන්ද? එමඟින් ඔහුට දේශපාලන වාසියක් අත් නොවන බැවිනි. දැන් අවශ්‍ය වන්නේ ඔහු පැමිණි පසු සියල්ල විසඳූ බව ප්‍රකාශ කරමින් තම කෛරාටකම ප්‍රදර්ශනය කිරීමය. ඉන් පසු ඌව පළාත් සභා මැතිවරණය සඳහා අවශ්‍ය මාවත සකස් කර ගැනීමය. රාජපක්ෂ විෂයෙහිලා සිදු වීමට යන මූලික නාටකය වන එහිදී අටුවා ටීකා ටිප්පනි ලෙස තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය ඇතිකිරීම වෙනුවෙන් බොලිවියාව ලබාදුන් ත්‍යාගය ගැනද විශාල මාධ්‍ය ප්‍රචාරයක් ගෙන යනු ඇත.

Image Credit: Adaderana.lk/Pic by - Sudath Silva
Image Credit: Adaderana.lk/Pic by – Sudath Silva

සැබවින්ම ඔහුට ලැබුණු සම්මාන වල අඩුවක් නොමැති අතර ලතින් ඇමෙරිකානු රටවල් මේ ආකාරයෙන් රාජපක්ෂගේ ඇමට රැවටීම එම රටවල් සම්බන්ධයෙන් සිදුවන මහඟු ඛේදවාචකයකි. ඔහු වැනි නායකයෙක් සහ වරිගයක් පෝෂණය කිරීමෙහිලා අපේ මාතෘභූමියට මුහුණ දීම සිදු වී ඇති ඛේදවාචකය අනෙක් සියල්ලටම වඩා විශාලය. ඊට කෘතගුණ සැලකීමක් ලෙස බොලිවියාව තම රටේ ඇති ඉහළම සම්මානයෙන් හොරෙකු පිදීම ඉවෝ මොරාලෙස්ට පමණක් නොව සයිමන් බොලිවර්ගේ සිට කලාපයේ බොලිවරියානු විප්ලවයක් ඇති කිරීමට ගිය සියලුම ශ්‍රේෂ්ඨ නායකයින්ට සහ ඒ සඳහා රෑ දවල් නොබලා වෙහෙස මහන්සි වූ බුද්ධිමතුන්ට සිදු කළ අපකීර්තියකි. මෙරට බොදු බල සේනාව වැනි සංවිධාන ගෞතම බුදුන්ගේ උත්තරීතර ධර්මයට හානි කරන්නේය. එසේම බොලිවියාව මෙවැනි වටිනා සම්මාන අදාළ සේනා නඩත්තු කරණ මෙවැනි නායකයින්ට ලබාදීම මඟින් ජාත්‍යන්තරව හාස්‍යට ලක් වේ.

අදාළ සම්මානය හුදෙක් දේශපාලන ගනු දෙනුවක් සඳහා විය හැකිය. එහෙත් එය ශ්‍රේෂ්ඨ කලාපයක් දීනත්වයට තල්ලු කිරීමේ වෑයමක් නොහොත් මාධ්‍ය ප්‍රදර්ශනයකි. පල්ස්තීනයද මෙය කළේය, නමුත් මොසාඩ් ඔත්තු සේවය සමඟ ඇති සැබෑ ගනු දෙනු දන්නේ ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ අති භයානක සහෝදරයා වන නන්දසේන රාජපක්ෂ මහතාය. පලස්තීනය, ඊශ්‍රායලය ගැන දැනගැනීම සඳහා තම නියෝජිතයෙක් ලෙස රාජපක්ෂ පාවිච්චි කරන්නේද යන්න දන්නේ නැත. එය වෙනම විමසා බැලිය යුතු කාරණයකි.

නමුත්, බොලිවියානු නායකයා වූ කලී දුප්පත්කම නිසා මේ ලෝකේ මිනිසෙකුට විඳීමට සිදුවන බරපතළ දුක් වේදනා වලට මුහුණ දුන් අයෙකි. ඔහු බොලිවියාවේ නායකයා බවට පත් වීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීය. එසේම වරක් මොහුගේ කෞශල්‍ය ගැන ෆිදෙල් කස්ත්‍රෝ ආඩම්බර වන බව තම ග්‍රාන්මා පුවත්පතට ලියන තීරු ලිපියේ සඳහන් කළේය. එහිදී මොරාලෙස් ගැන කියමින් ඔහු යෝජනා කරනු ලැබුවේ ඔබාමාට නොව මොරාලේස්ට නොබෙල් ත්‍යාගය ලබා දිය යුතු බවයි. එය හුදු දේශපාලන රචනාවක් නොව, විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සතු වූ රචනාවකි.

ඒ සඳහා ඔහු හේතු ඉදිරිපත් කළේය. එහෙව් මොරාලෙස් මේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම විනාශකළ අයෙකුට තම රටේ ඉහළම සම්මානයෙන් පිදීම හාස්‍ය ජනක කටයුත්තක් පමණක් නොව, කණගාටුදායක කාරණයකි. අදාළ සම්මානය ලබා දී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මැතිවරණයක් කැඩීමෙන් තොරව පැවැත් වීමටවත් හැකියාවක් නැති මහා භීතියකින් පෙළෙන නායකයෙකුටය. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම තම පෞද්ගලික ආසාවන් වෙනුවෙන් අයාලයේ යැවූ අයෙකුටය.

මෙම වටපිටාව යටතේ රාජපක්ෂ බොදු බල සේනාව විසින් යළිත් වැඩ පේනවා ඇති ලංකාවකට තවත් ස්වල්ප වෙලාවකින් සම්ප්‍රාප්ත වනු ඇත. බොදු බල සේනාවද තම උපායන් වෙනස් කරගෙන සිල්ගත් බළලුන් සේ දින කිහිපයක් කාලය ගත කරනු ඇත.

මේ වන විට ගින්න අවුළුවා අවසන්ය. එය 1983 කලු ජූලියේදී මෙන් පාලනයකින් තොර වූයේනම් මුළු රටම ගිනි ගන්නවා ඇත. සතුරා යැයි නම්කොට ඇති අපේම සහෝදරවරුන් තවමත් පහරදීම ආරම්භ කොට නැති බව මෙම බොදු බල සේනාවට උල්පන්දම් දෙන අයවලුන් අමතක නොකළ යුතුව ඇත. එසේම යමක් පාලනයෙන් තොර වීමට ගත වන කාලය වූ කලී ගැනිය නොහැකි මට්ටමේ පවතින සිදුවීමකි. එය සිදු වූ පසු පාලනය කිරීමට උත්සහ කිරීමෙන් පලක් වන්නේ නැත.

මේ නිසා යළිත් අවධාරණය කළ යුතු කාරණය නම් මෙවැනි තීරණාත්මක අවස්ථාවලදී බෞද්ධාගමේ නායකයින්ට පැවරෙන වගකීමයි. රට මෙන්ම ආගම රැකගැනීම සඳහා කඳ බඩ වෙනුවට මොළය පාවිච්චි කොට කටයුතු කිරීම පිළිබඳවයි. එක් පාර්ශ්වයක් මෝටර් රථයකට සහ මියන්මාරයේ සංචාරයක් සඳහා කැමති කරවා මලවතු සහ අස්ගිරි පාර්ශවයක් නියෝජනය කළ හිටපු නායක හිමිවරුන් බේදබින්න කළ 60 දශකයේ දේශපාලන ඉතිහාසය අමතක නොකළ යුතුව ඇත. ඒ නිසා දේශපාලාන මැදිහත්වීමෙන් තොර බෞද්ධ සංඝායනාවක් සඳහා නායකත්වය දීම, එම දෙපාර්ශ්වයම මෙම හෙණ වැදී ඇති ජාතිය ඉන් ගලවාගෙන යහ මඟට ගැනීම සඳහා කඩිනමින් කළයුතු කාර්ය භාර්යයකි.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa