Ampara, සිංහල, Governance, Life quips

1990 සිට පොලිස් රියදුරු කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදී නැහැ

1990 සිට පොලිස් දෙපාර්තමේන්තුව කොස්තාපල් රියදුරුවරුන්ගේ උසස්වීම් ලබා දී නොමැති බව වාර්ථාවේ. 1990 ජනවාරි 10 වන දින නිකුත් කළ අංක 14 දරණ ගැසට් නිවේදනයට අනුව පොලිස් කොස්තාපල් රියදුරන් වශයෙන් බඳවාගත් නිළධාරීන්ට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබා ගැනීමේ හැකියාව ඇතිබව පවසන රියදුරු කොස්තාපල්වරුන් අවම වශයෙන් තමන්ට කොස්තාපල් තනතුරට අදාල රාජකාරීවත් පවරා නොමැතිබව පවසයි.
අප මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ අවස්ථාවේ එතුමා ප්‍රකාශ කලේ එවැනි ප්‍රශ්නයක් නැතිබවයත්, පොලිස් රියදුරු කොස්තාපල්වරුන්ට අදාලව ඕනෑ තරම් උසස්වීම් ලබාදී ඇති බවත්ය. එහෙත් එම ප්‍රමාණය හෝ කොතරම් පිරිසක් සිටීද යන්න තහවුරු කරගැනිමට නොහැකි විය.
කෙසේ වෙතත් උසස්වීම් නොලද රියදුරු කොස්තාපල්වරුන් පවසන්නේ තමන්ට මේතාක් උසසවීම් ලබාදී නොමැති බවයි.