Democracy, Election, Human Security, Matale, News

රත්තොට පොලිස් ස්ථානාධිපති සන්ධානයේ මැතිවරණ වේදිකාවල….

රත්තොට පොලිසියේ ස්ථානාධිපති නිහාල් ජයවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරක රුස්වීම් කිහිපයක අමතා ඇතැයි වාර්තාවේ.

ජනක බන්ඩාර තෙන්නකෝන් සහ රෝහණ දිසානායක යන සන්ධාන අපේකෂකයන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වනදා පැවති රුස්වීම්වලදී මෙසේ වේදිකාවේ ජනතාව අමාතා ඇතැයි එම වාර්තා වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී ද රත්තොට පොළිස් ස්ථානාධිපතිවරයාට විවිධ චෝදනා එල්ල විය.
මේ පිළිබද විමසීමට රත්තොට පොළිසිය සම්බන්ධකර ගැනීමට දැරූ උත්සහය ව්‍යර්ත විය.

කෙසේ වෙතත් නීතිය ආරක්ෂාකරන නිළධාරීන් මැතිවරණ සමයේදී එක් පක්ෂයකට සහය දැක්වීම ප්‍රදේශයේ නීතිය සහ සාමයට එල්ලවන බරපතල තර්ජනයක් බව ප්‍රදේශවාසීන් පවසයි.