2015 ජනවාරි 2, කොළඹ, ශ‍්‍රී ලංකාව: ඡන්දය දීම යනු වැදගත් පුරවැසි වගකීමක් ද අප සියලූ දෙනා අපගේ ස්වෛරී භාවය පාවිච්චි කරන හා භුක්ති විඳින එක් ක‍්‍රමයක් ද වන්නේ ය. ජනාධිපති තනතුරට හිමි අපරිමිත බලය නිසා ජනාධිපතිවරණයක දී මෙම වගකීම විශේෂ වැදගත්කමක් අත් කර ගනී.

2015 ජනාධිපතිවරණය සඳහා තවත් දිනකටත් අඩු කාලයක් තිබිය දී මැතිවරණ ප‍්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, #IVotedSL ව්‍යාපාරය භාෂා තුනෙන් ම නිල වශයෙන් දියත් කළේ ඡන්ද බලය සඳහා ඇති අයිතිය පාවිච්චි කිරීමට පුරවැසියන් දිරි ගැන්වීම සඳහා ය.

ජනවාරි 8 දින තමන්ගේ ඡන්ද අයිතිය පාවිච්චි කරන බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රතිඥාවක් දෙන ලෙස මෙම ව්‍යාපාරය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටී. ෆේස්බුක්, ට්විටර්, ගූගල් ප්ලස් හෝ වෙන යම් සමාජීය මාධ්‍ය වේදිකාවක ඇති තමන් පිළිබඳ තොරතුරු(profile)තමන්ගේ ගිණුමේ ඡායාරූපය සහ කවර/බැනර පිටුව වෙනස් කිරීමෙන් කෙනෙකුට මෙම ප‍්‍රතිඥාව ඇඟවිය හැකි ය. මෙම ප‍්‍රතිඥාව දෙන අයට මැතිවරණ දිනයේ දී නොමැකෙන තීන්තෙන් ලියූ #IVotedSL හැෂ්ටැග් සලකුණ සහිත තම වම් අතේ සුළැඟිල්ලේ ඡායාරූපයක් සමාජීය මාධ්‍යය හරහා බෙදාහදා ගත හැකි ය.

ප‍්‍රවෘත්ති මාධ්‍ය කර්තෘවරුන්ට හා බ්ලොග්කරුවන්ට තම වෙබ් අඩවිවල හෝ මුද්‍රිත මාධ්‍යයෙන් හෝ රූපවාහිනියෙන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා තෝරා ගත හැකි බැනර ද අපි නිර්මාණය කර ඇත්තෙමු.

මෙම සියලූ ඡායාරූප ප‍්‍රකාශන අයිතියෙන් නිදහස් අතර දෙමළ, සිංහල හා ඉංග‍්‍රීසි භාෂා තුනෙන් ම ලබා ගත හැකි ය. http://bit.ly/ivotedsl

http://bit.ly/ivotedsl වෙබ් පිටුවෙන් ඒ සියල්ල ඩවුන්ලෝඞ් කර ගත හැකි ය.

#IVotedSL ව්‍යාපාරය මෙම සතිය තුළ දී ඡන්දය දීමේ වැදගත්කම පිළිබඳ ඉන්ෆොග‍්‍රැෆික්ස් බෙදා හරින අතර #IVotedSL හැෂ්ටැගය යොදා ගෙන ඡන්දය දීමේ වැදගත්කම විස්තර කරන ඡායාරූප, අනුකරණ හා වෙනත් මාධ්‍ය අන්තර්ගතයන් බෙදාහදා ගන්නා ලෙස මහජනතාව දිරි ගැන්වීමෙහි ද යෙදෙයි.

මේ සම්බන්ධ අපගේ පළමු ඉන්ෆොගැෆිකය පහත දැක්වේ.

Voter-ed-1_Final

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය(CPA) , නිදහස් මාධ්‍ය ව්‍යාපාරය(FMM)සහ දේශපාලනික ප‍්‍රචණ්ඩත්වයට එරෙහි සන්ධානය එක්ව 1997 දී මැතිවරණ ප‍්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය(CMEV) ගොඩ නැගුවේ මැතිවරණය ආශ‍්‍රිත ප‍්‍රචණ්ඩත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා වූ ස්වාධීන සහ අපක්ෂපාතී සංවිධානයක් ලෙස ය. වර්තමානයේ දී මෙම මධ්‍යස්ථානය සමන්විත වන්නේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයෙන් සහ INFORM මානව හිමිකම් ප‍්‍රලේඛන මධ්‍යස්ථානයෙනි.

මැතිවරණ ප‍්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය(CMEV) කිසිදු අපේක්ෂකයෙකුට හෝ දේශපාලන පක්ෂයකට සහාය දීමේ හෝ අනුමැතිය පළ කිරීමේ නො යෙදෙයි. #IVotedSL ව්‍යාපාරයෙන් අදහස් කෙරෙන්නේ තමන්ගේ ඡන්දය පාවිච්චි කරීමේ වැදගත්කම සම්බන්ධයෙන් පුරවැසියන් සක‍්‍රිය කිරීම යි. කිසි සේත් ම එය කිසිදු අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය කිරීමේ හෝ විවේචනය කිරීම ඉලක්ක කර ගත්තක් නො වේ.