සිංහල, Human Security, Kandy, Life quips

වැදි තරුණයෙකුගේ ‛පොරෝ’ පහරින් එක් අයෙක් රෝහලේ..

පසුගිය 14 වනදා අලුත් අවුරුදු දිනයයි. අලුත් අවුරුදු දිනයේ සුරා සල් හෙවත් ‛බාර්’ වැසිීම සමාන්‍යයෙන් සිදු වේ. නමුත් 14 වනදා ඇතැම් සුරාසල් වලින් මත්පැන් ගැනීමට හැකිවන අයුරින් විවෘතවී තිබු බව විකල්පට වාර්තා විය. කෙසේ නමුත් මහියංගන ප්‍රදේශයෙන් මත් පැන් බී මහ මඟ ගමන් කර සිටි දඹානේ ‛ඌරුවරිගලාගේ කැකුඑා’ නම් වැදි තරුණයා පාරේ යමින් සිටි තවත් අයෙකුට පොරවෙන් කොටා ඇති ව වාර්තාවේ. මෙසේ පොරවෙන් කොටා ඇත්තේ පාෙර් ගමන් ගත් තරැණයා, වැදි තරුණයා සමඟ බහින් බස් වීමේ ප්‍රතිපලයක් ලෙසට බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

පොරව පහරින් තුවාල ලැබූ එම තරුණයා මහියංගනය රෝහලට ඇතුලත් කර ඇති බවත් ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් ඇති බවත් වාර්තා වේ.

කෙසේ නමුත් මහිංයගන ප්‍රදේශයේ උත්සව සමයට නීති විරෝධි ලෙස සතුන් දඩයම් කර මස් සඳහා විකිණිමත්, නීතියානුකූල මත් පැන් මෙන්ම නීතියානුකූල නොවන මත් පැන්ද සරුවට අලෙවි වන බවත් මේ වන විට, මෙම නීති විරෝධි ක්‍රිියාවන් සඳහා ඇතැම් වැදි තරුණයන් ද සම්බන්ධ බව තම අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ වනජීවි නිළධාරියෙක් පැවසීය. මේ නිසා ලංකාවේ වැදි ජනයාගේ අනන්‍යතාවය මෙගින් පරිහියාමක් පවතින බවත් මෙය ඉතා කණගාටුදායක තත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.