සිංහල, Democracy, Election, Governance, Human Rights, Kandy

සිද්ධින් කිහිපයක් හැරුණුකොට, ප්‍රතිඵල ශුන්ය කළ මධ්‍යස්ථානවල අද පැවති ඡන්දය සන්සුන්.

ශුන්ය කරනලද ඡන්ද කොට්ඨාසවල අද(20) පැවති නැවත ඡන්ද විමසීමේදී, නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%කට ආසන්න සංඛ්‍යාවක් ද ත්‍රිකුණාමලය, කඹුරුපිඩ්ඩි හි 45% ආසන්න සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වාර්තා කරයි. සුලු සිද්ධින් කිහිපයක් හැරුණූ කොට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ මෙම ඡන්ද කොට්ඨාශ දෙකෙහි ඡන්දය පැවති අද දිනයේ බරපතල ගණයේ සිද්ධින් වාර්තා වී නැති බවත් වාර්තා විය.

මහත් ආන්දොලනයකට තුඩු දුන් නාවලපිටිය ඡන්ද කොට්ඨාශයේ අද පැවති ඡන්ද විමසීම පිළිබඳව අප මනෝ ගණේෂන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ‛ඡන්දය භාවිතා කිරීම ආරක්ෂක අංශවල පිහිටෙන් සාමකාමීව පැවති බවයි.’