සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ලෝක ජනමාධ්‍ය දිනය අද යි. මාධ්‍යවේදී ප්‍රගීත් අතුරුදහන් කර හෙටට(04) දින 100 යි.

ලෝක ජනමාධ්‍ය දිනයේ 17වන සැමරුම අදට(මැයි 03) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය සම්මත කළ යෝජනාවක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1993 වසරේදී මෙම දිනය(මැයි 03දා) නම්කරන ලදි. මෙම වසරේ ලෝක ජනමාධ්‍ය දිනයේ දී එහි තේමාව වී ඇත්තේ ‛‛තොරතුරු දැනගැනීමේ අයිතිය යි.’’

පශ්චාත් යුද සමයක් ගත කරන ලංකාව වැනි රටකට තොරතුරු දැනගැනීමට ජනතාවට ඇති අයිතිය සහ මාධ්‍ය නිදහස අතිශයින්ම වැදගත් වෙයි. විශේෂයෙන් පසුගිය කාලය පුරාම මාධ්‍ය ආයතනවලට ප්‍රහාරයන් එල්ල කිරීමත්, මාධ්‍යවේදීන් පැහැරගෙන යාමත්, අත්අඩංගුවට ගැනීම් සහ ඝාතනය කිරීම් ද සිදුවිය. නමුත් අද වනවිටත් ඒ කිසිදු සිදුවීමකට අදාළ නිශ්චිත සැකකරුවෙකු හෝ ඝාතකයෙකු නීතිය ඉදරියට ගෙන ඒමට බලධාරීන්ට නොහැකි වී ඇත.

කෙසේ නමුත් අදවැනි දිනයක ලංකාවේ ආණ්ඩුව ඉදිරියේ අභියෝගයන් කිහිපයක් පවතී. එකක් නම් ඉහත සඳහන් කරන ලද මාධ්‍යවේදින්ට සිදු වූ තර්ජන සහ ඝාතනය කිරීම්වලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමත්, මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් තහවරු කිරීමත් ය.

කෙසේ වෙතත් ලෝක ජනමාධ්‍ය දිනය අද සමරන විට මාධ්‍යවේදී ප්‍රගීත් ඒකනැලිගොඩ අතුරුදහන් වී හෙට ට(4) දින100ක් ගත වේ. මෙම තත්වයන් වෙනස්නොවුනහොත් පශ්චාත් යුධ සමය ඉතා භිහිසුනු සමයක් වීමට තිබෙන හැකියාව වැඩි ය. මෙය වෙනස් කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ආණ්ඩුවට ප්‍රභල කාර්‍යයක් කිරීමට ඇති අතර ජනයා තුළත්’, මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු පිළිබඳව ඇති වටිනාකම් වැඩි කර ගනිමින් වර්ධනය කරගැනීමත් වැදගත් ය.