සිංහල, Batticaloa, Colombo, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Trincomalee

ඔබට මම හිතන්නේ මේක තේරුමක් නැහැ. – මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ


නැගෙණහිර පළාතේ ස්ථාන කිහිපයකම ඉඩම් පවරා ගනිමින් රජය සන්නද්ධ කඳවුරු ඉදිකරමින් සිටීම ගැන බීබීසී සන්දේශය සමඟ ඊයේ (09) හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක් විකල්ප පාඨකයන්ගේ අවධානය සඳහා පළකරමු.

නැගෙනහිර පළාතේ ස්ථාන කීපයක ඉඩම් පවරා ගනිමින් රජය සන්නද්ධ හමුදා කඳවුරු ඉදිකරමින් සිටීම ගැන අවධානය යොමු වී ඇතැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරනවාග කල්ලඩි හා වාකරෙයි මේ වන විටත් ඉදිකර ඇති නාවුක හමුදා කඳවුරු වලට අමතරව මඩකලපු දිස්ත්‍රික්කයේ කාන්දාමලෙයිල පුනුකුලාව අවට ප්‍රදේශවල ඉඩම් අක්කර 500 ට අධික ප්‍රමාණයක් හමුදා කඳවුරු සඳහා අත්පත් කොට ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වී අරියනේන්ද්‍රම් ජනාධිපතිවරයා වෙත ලියා ඇති ලිපියක දැක්වෙනවා. එවන් විශාල භූමි ප්‍රමාණයක් පවරා ගෙන ඇතැයි යන්න ප්‍රතික්ෂේප කළ රජයේ හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට කඳවුරු ඉදි කිරීම අත්‍යවශ්‍ය බවයි සංදේශයට කියා සිටියේ.

මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ – ඒ ප්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහාත් ඊට අමතරව ඒ ප්‍රදේශවල නැවත පදිංචි කරවන ජනතාවගේ ජීවන කටයුතුවලට නොයෙකුත් ප්‍රදේශවලින් පුද්ගලයන් පැමිණෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කළ යුතුයිග ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. කඳවුරු නැතුව. හමුදාවට ගිහිල්ලා කැලේ ඉන්න බැහැනෙග හමුදාවට ගිහිල්ලා ටෙන්ට් ගහගෙන ඉන්න බැහැනෙ. මේ කඳවුරු ඉදිකරන්නෙ පුද්ගලික වතුවලවත් පුද්ගලික අයගෙ ඉඩම්වලවත් නෙවෙයිනෙග රජයේ ඉඩම්වල.

බී.බී.සී. සංදේශය – ඔබ කියනවා සංවර්ධන කාර්යය සඳහා කටයුතු කළ යුතුයි කියලා. පුද්ගලික හෝ රජයේ ඉඩම්වල කඳවුරු බිහි කළාම ඒ ප්‍රදේශ සංවර්ධනය සඳහා යොදාගන්නේ කොහොමද?

මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ – ඔබට මම හිතන්නේ මේක තේරුමක් නැහැ. ඒ ප්‍රදේශවලට ආරක්ෂාව සපයන්නේ නැතුව කොහොමද සංවර්ධනයක් හෝ නැවත පදිංචි කිරීමක් සිදුවෙන්නෙ? කඳවුරු කියලා මේක මේ මුළු ප්‍රදේශයම වැහෙන විදියට අක්කර පන්සීහක, දාහක කඳවුරු නෙමෙයි. ඒ ප්‍රදේශවලට අවශ්‍ය විදියට අවශ්‍ය ආකාරයට වැදගත් ස්ථානවලට කඳවුරු සපයනවා. සංවර්ධනය කරන ඉඩම්වලවත් එහෙම නැතුව සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වලවත් නෙමෙයි මේ කඳවුරු පිහිටලා තියෙන්නෙ. ලංකාව තනි රටක්. ඒ තනි රටේ සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි ආරක්ෂාව සැපයීම ආරක්ෂක හමුදාවල යුතුකමක්ග රාජකාරියක්ග සහ වගකීමක්.

බී.බී.සී. සංදේශය – දැන් දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. අරියනේන්ද්‍රන් ජනාධිපතිවරයාට ලියන ලිපියකින් කියන කාරණයක් තමයි කාන්තාමලෙයි පුනුකුණාව ආදී ප්‍රදේශවල අක්කර 500 ක පමණ භූමි භාගයක් මේ ආකාරයෙන් පවරගෙන තියෙනවයි කියලා කඳවුරු ඉදිකිරීමට.

මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන දේවල්වලට ඔය පැතිවල ඉන්න මම බැඳිලා නෑ උත්තර දෙන්න. ඒ නිසා මම ඒවට උත්තර දෙන්න යන්නෙ නෑ. මේ සම්බන්ධව වෙනත් කතා කරන්න දෙයක් නෑ. එක එක මන්ත්‍රීවරු කියන දේවල් වලට උත්තර දෙන්න මට කිසිම බැඳීමකුත් නෑ. අවශ්‍යතාවකුත් නෑ.

බී.බී.සී. සංදේශය – නමුත් මන්ත්‍රීවරු සඳහන් කරන්නෙ රජයේ හමුදා විසින් ගන්නා ක්‍රියාමාර්ගයන් සම්බන්ධව නම් රජයේ හමුදා බැඳිලා ඉන්නවා නේද පැහැදිලි කිරීමක් කරන්න?

මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ
– ඒක තමයි මම ඔබට පැහැදිලි කිරීමක් කරේ. ඊට වඩා වෙනත් පැහැදිලි කිරීමක් කරන්න මට අවශ්‍යතාවක් නෑ. මම සම්පූර්ණයෙන්ම හමුදාව පැත්තෙන් ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරලා තියෙන්නෙ. මන්ත්‍රීවරයෙක් අහන ප්‍රශ්නෙකට නෙමෙයි ඔබ අහන ප්‍රශ්නෙකටයි මම උත්තර දුන්නෙ.