Governance

යාපනයේ සරසවි සිසුන් දහයකට(10) ආසන්න පිරිසක් සියදිවි හානිකර ගනියි..

යාපනයේ විශ්වවිද්‍යාලයේ දහයකට(10) ආසන්න පිරිසක් මේ වන විට සියදිවි හානිකර ගෙන ඇතැයි විශ්වවිද්‍යාල ආරංචිමාර්ග පවසයි. ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී වසරක් නිමාවීමට පෙර මෙම විශ්ව විද්‍යාල සිසුන් සිය දිවි හානි කරගෙන තිබේ.

විශේෂයෙන් වන්නි ප්‍රදේශයේ ජීවත් වෙමින් යාපනය සරසවියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් මෙම තත්වයට පත් වී ඇත. එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ එම සිසුන්ට තිබූ මූල්‍ය ගැටලුත් සහ තමන්ගේ සමීපතමයින් යුද්ධයෙදී මිය යාමත් සමඟ වූ කම්පනය මෙයට හේතු වී ඇති බව පවසයි.

එසේම යුද්ධය නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධාවන්ද මෙයට ප්‍රධාන හේතුවක් වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.