Featured Articles, Features

බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනු..කොළඹදී උද්ඝෝෂනයක් – ‛‛අපේ හඬට බයේ ඔවුන්ගේ තානාපති කාර්යාලයත් අද වහලා දාලා..’’

ෆී ෆී අවුන්සාන් සුකී
ෆී ෆී අවුන්සාන් සුකී
බුරුම මිල්ටරි ආණ්ඩුව බංග වේවා.
බුරුමයේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා.

බුරුමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත්, බුරුම හමුදා ජුන්ටා පාලනය විසින් අයුන් සාන් සුකී ඇතුලු ඡන්දයෙන් තේරී පත්වූ ආණ්ඩුව සිරගත කරමින් මේ දක්වා විසි වසරකට ආසන්න කාලයක් ඉතාමත් කෲරතර පාලනයක් ගෙන යමින් සිටින එරට හමුදා ජුන්ටාවට එරෙහිවත් උද්ඝෝෂනයක් අද බුරුම තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීය.

එහිදී අදහස් දැක්වූ ඒක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය ‛‛ප්‍රජාතන්ත්‍රවාදය අගයකරන ලෝක ජනතාවම හෙළා දකින, ඉතාම මිලේච්ඡම මිල්ටරි ආණ්ඩුව තියෙන්නේ බුරුමයේ. අවුරුදු 20ක් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කරගත් ආණ්ඩුවට, ඒ දේශපාලන ව්‍යාපාරවලට, බලයට එන්න නොදී ඔවුන්ව කොටසක් හිරේ දමමින්, නිවාස අඩස්සියේ තබමින්, බෞද්ධ භික්ෂුන් වහන්සේලා පවා ඉතාමත්ම අමාණුෂික ලෙස ඝාතනය කරමින් බෞද්ධාගම විනාශ කරමින් ගෙන යන්නාවූ මිලේච්ඡ ආණ්ඩුවක් තමයි බුරුමයේ තිබෙන්නේ.

ඒ වගේම අපි දැක්කා මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා ලංකා රජයේ නිළ ආරාධනාවක් අනුව ලෝකයේ කිසිම රටකට යන්න බැරි මියන්මාරයේ හමුදා නායකයා රතු පලස් දාලා පිළිගත්ත තත්වයක් තමා ලංකාවේ තියෙන්නේ. ඒ අනුව ලංකා ආණ්ඩුවත් මියන්මාරයේ මිල්ටරි ආණ්ඩු පාලකයාගේ ක්‍රියාමාර්ගය අනුගමනය කරනවාද කියලා අපට හිතෙනවා. එමනිසා අපි මේ උද්ඝෝෂනය ඉදිරියටත් අරගෙන යනවා බුරුමයේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රුක ගන්නා තුරු.’’

කෙසේ වෙතත් මෙම උද්ඝෝෂනය පැවැත්වෙන මොහොත වන විට මියන්මාර්(බුරුම) තානාපති කාර්යාලය වසා දමා තිබුණු අතර පොළිස් නිලධාරීන් කිහිප දෙනෙකු පමණක් තානාපති කාර්යාල ගේට්ටුව අසල රඳවා තිබිණි.

‛‛ඡන්දයෙන් බලයට පත්වුනු නායිකාවට රටේ පාලනය බාර දෙන්නට ඕන. බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ පැවැත්වුවා. ඒ අනුව අයුන් සාන් සුකීගේ පක්ෂය 80%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. තුනෙන් දෙකකටත් වැඩි ඡන්ද සංඛ්‍යාවක්. මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා ලබා ගත්ත ඇය තවමත් තියාගෙන ඉන්නේ නිවාස අඩස්සියේ. ඇය වහාම නිදහස් කරන්නට ඕන. ඇයට රාජ්‍ය බලය ලබා දෙන්නට ඕන. රට පාලනය කිරීම සදා ජනතාව තොරාපත්කර ගත්ත නායිකාව හිරේ තියලා රටේ ආරක්ෂක කටයුතු කරන සොල්දාදුවෝ තමයි අද රට පාලනය කරන්නේ. මේක ලෝකයම හිනස්සන කාරණයක්. ලෝකයේ බලවතුන් පවා මේකට එරෙහිව ඉන්නවා. දැන් බුරුමයට පක්ෂපාතීව ඉන්නේ වාණිජ පරමාර්ථ ඇති රටවල් කිහිපයක් පමණයි. ඒ නිසා මේ පිළිකුල් සහගත දුර්ධාන්ත මිල්ටරි ආණ්ඩුව වහාම ඉවත්වෙන්නට ඕන. එම උද්ඝෝෂනයට සහභාගී වූ ගලබොඩ ධම්මිස්සර හිමියන් පැවසීයි
.
මෙම උද්ඝෝෂණය පැයකට ආසන්න කලායක් පැවැත්වුනු අතර එය සංවිධානය කර තිබුනේ ‛තෙවන ලොව මිතුරෝ’ නැමති සංවිධානය විසිනි. මේ එහි කැඳවුම්කරු ෆෙඩී ගමගේ දැක්වූ අදහස් ‛‛ හැම අවුරුද්දකම වගේ අදත්, මේ බුරුම පාලකයෝ අපේ හඬට බයේ ඔවුන්ගේ තානාපති කාර්යාලය වහලා දාලා තියනවා. අපිට කිසි දවසක පුලුවන් කමක් ලැබුනේ නෑ අපි අරගෙන ආපු පෙත්සමක් ඔවුනට බාර දෙන්න. මේ අවුරුද්ද බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට ඉතාම විශේෂයි. ඒ වගේ ලංකාවේ බරපතල විදිහේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව අර්බුදයක් තියනවා. ලංකාවේ ප්‍රජාන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ප්‍රගතිශීලීන්ගේද වගකීමක් වෙනවා වෙනත් රටවල ප්‍රජාතන්ත්‍රවාදි අරගලත් සමඟ එකතුවෙලා ඒ අයට නිරන්තර සහයෝගය පලකරන එක.’’

කෙසේ වෙතත් බුරුමයේ තිබෙන්නේ මිල්ටරි හමුදා ජුන්ටාවකි. 1990 මැයි 27 වනදා බුරුමයේ පැවති මහ මැතිවරණයෙන් අයුන් සාන් සුකීගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය 80% කටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් දිනාගනිමින් ජය හිමිකර ගත්තද බුරුම හමුදා ජුන්ටා පාලනය විසින් සුකී ඇතුලු ඡන්දයෙන් තේරී පත්වූ ආණ්ඩුව සිරගත කරමින් මේ දක්වා විසි වසකට ආසන්න කාලයක් ඉතාමත් කෲරතර පාලනයක් ගෙන යමින් සිටිති. විවිධ අවස්ථා වලදී හමුදා පාලනයට එරෙහිව මතුව ආ ජනතා විරෝධයන් අති නිහින ලෙස මර්ධන කළ ජුන්ටාව 2007 සැප්තැම්බර් මස එරට භික්ෂුන් විසින් ආරම්භ කරන ලද අවිහිංසාවාදී ප්‍රබල විරෝධතාවද මැඩපවත්වන ලද්දේ සියගණනක් ඝාතනය කරමින් සහ සිර අඩස්සියට පත්කරමිනි.

නමුත් මෙම මිල්ටරි හමුදා ජුන්ටාවේ නායකයින් 2009 නොවැම්බර් 12වනදා ශ්‍රි ලංකාවේ සංචාරය කලේ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන මුලුමහත් ලෝකයම මවිත කරමින්ය.