සිංහල, Colombo, Human Rights, Human Security, News, Peace and reconciliation

ද්‍රවිඩ ජනයා අත්අඩංගුවට ගත්ෙත් අැයි….!


ඊයේ (දෙසැම්බර් 2) කොළඔ හා තදාසන්න ප්‍රදේශ වල දැවැන්ත මෙහෙයුමක් සිදුකළ රජයේ හමුදාව හා පොලීසිය ඒ ප්‍රදේශ වල ජීවත් වූ ද්‍රවිඩ ජාතිකයින් දහසත් එක්දාහස් පන්සීයයත් අතර ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන බූස්ස කදවුරේ රදවා තබාගෙන ඇතිබවට මෙ වනවිට තොරතුරු වාර්ථා වනවා. කිසිදු දැනුම් දීමකින් හෝ අධිකරණ නියෝගයකින් තොරව සිදුකළ මෙම මෙහෙයුමේදී අන්‍යතාවය හෙළි කළද උතුරු නැගෙනහිරින් හා වතුකරයෙන් පැමිණ සිටි ද්‍රවිඩ තරුණ තරුණියන් මෙන්ම මැදි වයසේ අයද අත්අඩංගුවට ගෙන ඇති බවට පැමිණිළි ලැබී තිබේ. අප මේ පිළිබදව පොලිස් මූලස්ථානයේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ විට ඔවුන්ගේ පිළිතුර වූයේ එවැනි මෙහෙයුමකින් පිරිස් අත්අඩංගුවට ගත් නමුත් නිශ්චිතව ප්‍රමාණයක් සඳහන් කළ නොහැකි බවයි. අත්අඩංගුවට ගත් අය පොලිස් ස්ථාන වල රදවාගෙන ප්‍රශ්න කරන නමුත් බූස්ස කදවුරට ගෙනගොස් නැති බවත් අද දින ඔවුන්ව උසාවිය වෙත ඉදිරිපත් කර රැදවීම් නියෝග ලබා ගැනීමට කටයුතු සිදුකරන බවයි. මීට පෙරද කොළඔ රැදී සිටි ද්‍රවිඩ ජනතාව කොළඹින් පිටමන් කළ අතර ඒ අවස්ථාවේදී සිවිල් සමාජ සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් මැදිහත් වී අදාළ ක්‍රියාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්ද ලබා ගනු ලැබුවා. මෙවර එල්ටීටීඊය කොළඔ සිදුකළ බෝම්බ ප්‍රහාර දෙකෙන් පසුව රජය විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ජීවත් වු ද්‍රවිඩ ජනතාව අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ ඇති වී තිබෙන තත්වය පිළිබදව විකල්ප මෙරට ප්‍රමුඛ පෙලේ සිවිල් ක්‍රියාකාරකයෙකු මෙන්ම ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක වරයාද වන ආචාර්‍ය ජෙහාන් පෙරේරා මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයෙන් දැක්වේ.