සිංහල, Colombo, Democracy, Economic issues, Governance, IDPs and refugees, Peace and reconciliation

යුද අනාථයන් තවමත් අනාථව සිටියදී, ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් 202217480000 යි.

2010 වසරේ අයවැය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනතින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයටයි. එය රුපියල් 202217480000 කි.එනම් රැපියල් විසිදහස් ෙදසිය විසි එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ අසූ දහසකි. යුද්ධය පැවති 2009 වසරේ වෙන් කෙරුනේ රුපියල් කෝටි 17700කි. 2009 වසරට වඩා මෙම වසරේ ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් කෝටි 2400ක මුදලක් වැඩිපුර වෙන් කර ඇත. කෙසේ වෙතත් යුද්ධය අවසාන වී තිබියදීත් මේසේ විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරිම දේශපාලන ක්ෂේත්‍රයේ ඉමත් කතා බහට ලක්වෙමින් ඇත.

යුද්ධයෙන් අනාථ වුනු දහස් ගණනක් මිනිසුන් තවමත් හිසට වහලක්වත් නැතිව ගස් යට දිවිගෙවන විට ආරක්ෂාව සඳහා මෙවැනි විශාල මුදලක් වෙන් කොට තිබේ. ආරක්ෂාව සඳහා මෙවැනි විශාල මුදලක් වෙන්කරද්දී පුනරුත්ථාපන අමාතයංශයට වෙන්කොට ඇත්තේ රුපියල් කෝටි 2000කි. මෙයින් පෙනී යන්නේ රාජපක්ෂ ආණ්ඩුව තවමත් යුද උන්මාදයෙන් පෙළෙන බවද..?

එසේත් නැතිනම් යුද්ධයෙන් අනාථ වුනු දහස් ගණනක් මිනිසුන්ගේ ජීවිත වඩා යහපත් කිරීම වෙනුවට ගොඩ ගසා ගත් ආරක්ෂක හමුදාවන් නඩත්තු කරමින් උතුරේ සහ නැගෙනහිර සථිර හමුදා ජනපද ඇතිකරමින් ඔවුන් නඩත්තු කිරිමටද…? එසේත් නැතිනම් ලංකාවේ ආරක්ෂාව, ආසියාවේ ආශ්චර්යක් බව පෙන්වීමටද?..

තපූ