සිංහල, Colombo, Democracy, Governance, Media

ඇමති දේවානන්ද අත්අඩංගුවට ගන්න- චෙන්නායි මහාධිකරණයට පෙත්සමක්..

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉන්දිය සංචාරයක යෙදුන ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා චෙන්නායි මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව පීටීඅයි පුවත් සේවය උපුටා දක්වමින් පීඑන්එ් වෙබ් අඩවිය වර්තා කර තිබේ.

තමිල්නාඩුවේ ජනතා අයිතීන් සංසදය නැමති සංවිධානයේ ලේකම්වරයෙකු වන පී. පුගලෙන්ති නම් නීතිඥයෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට තිබේ. මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙන්නේ උසාවිය මඟහරින ලද චෝදනාව යටතේ 1994 වසරේදී චෙන්නායි මහාධිකරණය විසින් දේවානන්ද මහතාට එරෙහිව ලබා දුන් වරෙන්තුව නැවත ක්‍රියාත්මක කරන ලෙසයි.

1987 වසරේදී චෙන්නායි හි සිදුවූ මිනිමැරුමක් ඇතුලු විවිධ චෝදනා යටතේ ඩග්ලස් දේවානන්ද මහතාට නඩු පවරා තිබූ බවත් එම නඩු විභාග දේවානන්ද මහතා විසින් පැහැර හැර ඇති නිසාත්, එබැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට පොළිසියට දී තිබූ නියෝගය නැවත ක්‍රියාත්මක කරන ලෙසත්, එසේ නැතිනම් ඉන්දීය වි්‍යවස්ථාවේ 14 සහ 21 වැනි වගන්ති උල්ලංගනය වන බත් පුගලේන්ති නීතිඥවරයා සිය පෙත්සම ඉදිරිපත් කරමින් චෙන්නායි මහාධිකරනයට දන්වා සිටියි.

මේ පිළිබදව චෙන්නායි පොලීස් ප්‍රධානී ටී. රාජෙන්ද්‍රන් පවසා ඇත්තේ ‛දිල්ලි පොලීසියේ උපදෙස් මත තමා ක්‍රියාකිරීමට සූදාන්මව සිටින බවයි.’
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඩග්ලස් දේවාවනන්ද ඇමතිවරයා මාධ්‍යට පවසා ඇත්තේ ‛ඉන්දු ලංකා ගිවිසුමක් අනුව දේශපාලකයෙකු වන තමාට මේ සම්බන්දයෙන් සමාවක් හිමිවන බවත්, ඕනෑම අවස්ථාවක නීතිමය කටයුතු සඳහා තමන් සහය දෙන බවත්ය.’
(see more daetails – http://www.dnaindia.com/india/report_chennai-police-in-touch-with-delhi-police-over-sri-lankan-minister-s-case_1394583)