ගල්වලින් ඔලුවට ගසා සිඟන්නන් මරා දැමීමේ ප්‍රවණතාවයක් පසුගිය දින කිහිපයේදී වාර්තා වූයේ කඳුඑ ඇති මිනිසුන්ගේ හදවත් කම්පා කරමිනි. එහි ආසන්නම සිද්ධිය පසුගියදා කොළඹ කොටුව අශ්‍රිතව වාර්තා විය. සිඟන්නන් මැරිම එසේ සිදුවන විට අබාධිත පුද්ගලයෙකු පෙරේදා(28) ගල්කිස්ස පොලීසිය ආසන්න ප්‍රදේශයකදී මරා දැමා ඇත. මෙසේ මරා දමා ඇත්තේ 38 හැවිරිදි මනෝජ් පෙරේරා නැමති ලොතරුයි අලෙවිකරනු ලබන ආබාදිත පුද්ගලයෙකි. ‛‛ලොතරුයි අලෙවි කිරීමෙන් පසු මොහු පෙරේදා රාත්‍රීයේ කෑම පැකැට්ටුවක්ද රුගෙන නිවස බලා යමින් සිටියදි වැස්සක් කඩා වැටි අතර ඒ අවස්ථාවේ දී ඔහු වැස්ස අවසන් වන තුරු මේ ස්ථානයේ නැවතී ඇත. ඒ අවස්ථාවේදි එහි පැමිණි කිසියම් පුදගලයෙකු හෝ පිරිසක් විසින් මොහුගේ හිසට කලු ගලකින් පහර දී ඔහු ලඟ තිබූ මුදල් සහ ලොතරුයි ටිකට් පැහැරගෙන ගොස් තිබිනි යැයි පොළිසිය ප්‍රකාශ කල බව අද(30) ලංකාදීප වාර්තා කරයි.
කෙසේ වෙතත් සිඟන්නන් මරා දැමිමට හේතුව සහ මරා දැමුවේ කවරුන්ද යන්න පිළිබඳව තවමත් සමාජයට බලධාරීන් පිළිතුරු ලබා දී නැති තත්වයක ආබාධිත පුද්ගලයින් මෙසේ අමානුෂීක අන්දමින් මරා දැම්මේ කවුරුන්ද? විශේෂයෙන් පොළිසියක් අසලදී මෙවන් ඝාතනයක් සිදුවූයේ කෙසේ ද?. එසේ කිරිමට තරම් ශක්තියක් ලැබුනේ කෙසේ ද? ආසියාවේ ආශ්චර්යට යන්නට නම් ලංකාවේ බලධාරීන්ට ඉතා ඉක්මනින් පිලිතුරු දීමට සිදුවන ගැටලු එයයි.
කෙසේ වෙතත් ලංකාවේදී ආබාධිත පුද්ගලයින් ගල්වලින් ඔලුවට ගසා මරා දමන විට ලෝකයේ ආබාදිත යන නාමකරනය වත් භාවිතා කරන්නේ නැත. ඔවුන් ආබාධිත පුද්ගලයින් හඳුන්වනු ලබන්නේ ‛විශේෂ අවශ්‍යතා’ ඇති පුද්ගලයින් ලෙසයි.
එසේම ලංකාවේ යුද්ධයේදි දහස් ගණනක් ආබාදිත තත්වයට පත් කර වූ අතර ඔවුන්ට තවමත් හරිහැටි පහසුකම් ලබා දිමට, යුද්ධය අවසන් වි වසරක් ගෙවී ගිය ද බලධාරින්ට හැකියාවක් ලැබි නැත. එසේ තිබියදි උපතින්ම ආබාධිත වූ මෙවැනි මිනිසුන් ගල්වලින් ඔලුවට ගසා මරා දමන්නේ යුද්ධයේ කාලකන්නි අත්දැකිම් තවමත් මේ සමාජයෙන් තුරන් කරගැනිමට නොහැකි වී ඇති නිසා ද?
ගල්කිස්සේදී අබාධිත තරුණයා පෙරේදා මරා දමන විට පසුගිය වසරෙ ලංකාවෙ යුද්ධයට මැදිවී කිලිනොච්චියේ දී තම දෙපා අහිමි වූ සුබ්‍රමනියම් පසුගිය දා තම වේදනාකාරී අත්දැකීමත්, දැන් තමන් ගෙවන ජිවිතයත් ”විකල්ප” ෙවබ් අඩවිය තුළ සදහන් කරන්ෙන් මේසේයි..‛‛මට මතකයි ඒ දවස හතරවටෙන්ම ෂෙල් ගහනව අපි හැංගෙන්න බංකරයක් කපමින් හිටියේ එකපාරටම ආපු ෂෙල් එකක් මං ඉන්න තැනට වැටුන. මගේ එක කකුලක් කැඩිල ගියා අනිත් කකුල තුවාල උනා. මාව මාතලන් ඉස්පිරිතාලෙට ගෙනිච්ච. ඒත් එහේ බෙහෙත් තිබුනේ නැහැ. දවස් හතකට පස්සෙ මගේ ජීවිතේ බේරගන්න ඕනි නිසා වෛද්‍යවරු තීරණය කළා මගේ තුවාල වෙච්ච කකුලත් කපන්න.’’ කකුල් දෙක කැපුවට පස්සේ අයි.සී.ආර්.සී එකේ නැවෙන් මාව ත්‍රිකුණාමලයට ගෙනාව. එතනින් පුල්මුඩේට, ඊට පස්සෙ වව්නියාවට. එතනින් රාමනාදන්පුරම් කෑම්ප් එකට. ඊට පස්සෙ තමයි යාපනේට එන්න ලැබුනෙ. ඒ එන කොට කකුල් දෙකෙන් ඇවිදගෙන ගිය මම ආවෙ රෝද පුටුවකින්. අබ්බගාතයෙක් විදිහට. දැන් මට අනුන්ගෙන් යැපෙන්න සිද්ධවෙලා. මට මගේ රැකියාව කරගන්න විදිහක් නැහැ. කකුල් නැතිවුන දුක මට ඉවසගන්න පුලුවන්. ඒත් මගේ පුතා නැතිවෙච්ච එක තමයි වාවගන්න බැරි. මාතලන් වල දේවපුරම් කියන ප්‍රදේශයේදී පොකුරු බෝම්බ වලට අහුවෙලා එයා මැරුණ.”
උතුරේ ‛සුබ්‍රමනියම්ගේ’ කකුල් දෙක යුද්ධය විසින් බිලිගන්නා විට, දකුණේ අබාධිත ”මනෝජ්” නීතිය ආරක්ෂා කරන පොළිසියක් අසලදී කලුගලකින් පහර දි මරා දමනු ලබයි. මෙසේ වන්නේ පහරදෙන්නෙකුට හෝ ඝාතකයෙකුට මහපොලව මත හුස්ම ගන්නා කිසිදු හදවතක් තමන්ගේ කලුගල හෝ උණ්ඩය තරම් නොවටින බවද? එසේත් නැතිනම් මරාදැමීම නැමති උපායමාර්ගය තවමත් ලංකාව තුල වලංගුව පවතින්නේ ද? යන්නයි.