සිංහල, Colombo, Democracy, Governance, Human Security, Media

ඇමති විමල්, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වටලයි.

ඇමති විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ විසින් අද(6) දහවල් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. තිබිරිගස්යාය මංසන්දියේ සිට විශාල පිරිසක් එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් ගමන් ගත්තේය. එයට සංඝයා වහන්සේලාද එක්ව සිටි අතර උද්ඝෝෂන කරුවන් කියා සිටියේ ‛බෑං කීන් මූන් විසින් ලංකාව සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුව වහා හකුලා ගන්නා ලෙසයි.’

මේ වන විට එක්සත් ජාතීන්ගේ ප්‍රධාන දොරටු දෙකම අවහිර වනසේ මෙම උපවාසය කරුවන් වාඩිලා ගෙන සිටින අතර විමල් වීරවංශ අමාත්‍යවරයා එහිදි කියා සිටියේ ‛ බෑංකී මූන් ලංකාව සම්බන්ධයෙන් පත් කර ඇති කමිටුව ඉවත් කර ගන්නා තෙක් මෙම උපවාසය දිගටම ක්‍රියාත්මක කරන බවයි’.

එක්සත් ජාතීන්ගේ කාරයාලය පිහිටා ඇත්තේ අධි ආරක්ෂක කලාපයක් තුල වුවත් මේ වනවිට විශාල පිරිසක් එම මාර්ගයේ වාඩිලා ගෙන සිටින්නේ පොළිසිය බලා සිටිය දීය. එසේම මෙහි විශේෂය වන්නේ අධි ආරක්ෂක කලාපයක් තුළ රජයේ අමාත්‍යවරයෙකු විසින් පොලිස් සහ පොළිස් විශේෂ කාර්‍ය බලකායේ ආරක්ෂාව සහිතව සිදු උපවාසය සිදු කිරිමය.


Click on the images to see them in full resolution.