අටවක හඳ අසල තරුවක් දීප්තිමත්ව දිලිසුණි. සුදුපාට වලාකුළු, මඳ සුළගේ ඇදීගියේය. ඒ, 2018 ජුලි 17 වැනිදාය. මා, කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ, තණබිමේ, නදීකා සමඟ, වාඩි ගෙන සිටියෙමි. ෆ්ලෑෂ් ලයිට් එළියක් අප වෙතට එල්ල වුයේ, මහා සංස්කෘතියට නිගා දෙන ලෙස, යුවලක් හැසිරේද යන්න, පොලිසියට, මනාව, තීරණය,කරගත යුතු වූ හෙයිනි. “ගොනා. තෝ ගොනා. මට දීපන්”,අවට පුපුරා යමින්, ඇසි හඬ දෙසට මම අවධානය යොමු කලෙමි. මට මදක් එපිටින් වූ, පොකුණ අසල, දරුවෙක්, ඉදිරිපිට, ගැහැණියකට, ප්‍රචණ්ඩව, හිරි හැර කරන, පිරිමි ශරිරයෙකි. නදීකා සහ මම, එතනට ඇවිදින්නට පටන් ගතිමු. “තෝ ..වේසි..මට දීපිය. තෝ එනවද…නැද්ද?” පිරිමි හඬ තව දුරටත් උත්සන්න විය. මම ගල් ගැසුනෙමි. එකී පිරිමියා, ගැහැණිය, අත්හැර දමා, ඉවත්ව ගියේය. ‘ඇයි, මොකද වුනේ’- නදීකා නන්නාදුනන ගැහැනියගෙන් ඇසුවාය. “මගේ මනුස්සයා නැහැ. මේ මිනිහාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම දෙමටගොඩ ඉන්නේ. මේ මිනිහාගේ කරදරේ ඉවසන්න බැරි තැන මම පොලිසියට ගිහින්, පැමිණිල්ලක් දැම්මා. මේ මිනිහා, බයික් එකේ යනකොට, මාව පාරේ දැක්කාම, ‘වේසි’ කියලා හයියෙන් කෑගහනවා. මේ මගේ දරුවා. මට කරදර කරළා, පොලිසියෙන්, පැමිණිල්ල, අයින් කරගත්තා. දැන් මට ආපහු කරදර කරනවා… ”. ‘දැන් පොලිසියට යන්න ඕනෙද? අපිත් එන්න ද? දෙමටගොඩ යනවා නම්, මාත් එක්කම කෝච්චියේ යන්න පුළුවන්’, නදීකා නැවත පැවසුවාය. ඒ ගැහැණිය, “කමක් නැහැ, මම පසුව එන්නම්” කියන විටම, උද්‍යානයේ, සිවිල් ආරක්ෂක සේවාවේ, නිලධාරියෙක් ද අප සමීපයට විත්, තොරතුරු විමසීය. “මට ශබ්දයක් ආවා. ඒකයි, මම ආවේ”- ඔහු ඇසිය. අපි දුටු සහ අසු දෑ ඔහුට විස්තර කළෙමු.එවිටම, පිරිමි පිඩකයා, එතනට පැමිණ, “ඇයි ඔයගොල්ල මෙතන” යැයි, අපෙන් විමසීය. “මෙතන මොකක් හරි ප්‍රශනයක් වුනාද”, ඔහු එම ගැහැණියගේ, වැලමිට මිරිකමින් ඇසිය. ගැහැණිය නිශ්ශබ්දය. “මෙතන ප්‍රශ්නයක් නැහැ. ඔයාලා යන්න”, ඔහු අප තිදෙනාටම අණ දුනි. අපි හෙමින්, පාර දෙසට පිය නැගිමු.

අධික වැඩ සහ සිදුවූ හෘර්දයාංගම බිඳ වැටීමක් හේතුවෙන්, මම තෙහෙට්ටුව සිටි එදින, පරිසරය සමඟ බද්ධව, වේදනාව බෙදා ගැනීම උදෙසා, එදින, විහාර මහා දේවි උද්‍යානය වෙත ගියෙමි. ඉහත සඳහන් සිදුවීම සමඟ, මම, තව දුරුටත්, පිතෘ මුලික දේශපාලනයේ වියරුව, පීඩනය සහ, අශිෂ්ට බව තේරුම් ගතිමි. ස්ත්‍රීන්ට මෙම අශිෂ්ට දේශපාලනයට එරෙහිව කැරැල්ලක් ගැසිය නොහැකිද? වරක් චුලනි කොඩිකාර මට කිවේ, ස්ත්‍රීන් කියන්නේ ‘පිඩිත පංතිය’ බවය. පංති කියවීම පිලිබඳ, ඉහත සිදුවීමෙන් පසුව මම නැවත සිතුවෙමි. ස්ත්‍රීන්, පිතෘ මුලික ඉතිහාසයේ පිඩිත පන්තිය වේ. මාගේ, මිතුරිය නිදර්ශනිකා පැවසුවේ, ස්ත්‍රීන්ට විකල්ප සඳහා ශක්‍යතාවක් නොමැති බව සහ, හැම පිරිමියාම පිඩකයෙක් නොවන බවය. මම මෙම වචන මතක් කරමින්, මේ ලියන මොහොතේ පවා, සිනා සෙමි.

“හැම පිරිමියෙක්ම පිඩකයෙක් නොවේ ද?”. Angela Y Davis ගේ Women , Race and Class (2011) හි සටහනක් මගේ මතකයට පැමිණේ. “ඇය කපු ගොවිපලේ, කළු, කුඩා ගැහැණියකි. නිශ්චිත කපු ප්‍රමාණය සැපයීමට නොහැකි වූ හෙයින්,ඇයට, සුදු, වහල් හිමියා, කසයකින්, ගොවිපල බිමේදී පහර දුනි. හම ඉරි ලේ මතුවිය.ඇය, ගොවිපල බිමේ, තම ජාතක දෙමාපියන්ගේ දෑස් ඉදිරියේ වේදනාවෙන් කැගැසීය. එම යුගයේම, එක් පසක, සුදු ගැහැණුන්, තම ඡන්ද අයිතිය වෙනුවෙන්, විරෝධතාවයේ නිරත විය”. මේ කතා දෙකෙම, කළු සහ සුදු ගැහැණිය, පිඩිතයා කරනුයේ, පිතෘ මුලික සමාජය විසින් ගොඩ නැගී, බලය වේ. එම බලය, ප්‍රචණ්ඩත්වය සහ එමගින් යටපත් කරගැනීම තීරණය කරන අතර, ප්‍රචණ්ඩත්ව ස්භාවය මත, පුරුෂ මුලික සම්බන්ධතා හොඳ ශ්‍රේණිය තුල ස්ථානගත වේ.

එසේම මෙම බලය විසින්, ගැහැණිය, වස්තුවක් ලෙස, නිර්වචනය කරණ අතර, ගැහැණිය වෙත පවත්වන, සම්බන්දය, මානුෂියත්වය වෙනුවට, වස්තුවක් වෙත පවත්වන, සම්බන්දයක් බවට පත්කර ගනී. මේ ගැටළුව තේරුම් නොගන්නා, අප, හැම, පිරිමියෙකුම, පිඩකයකු නොවන, බවට, දෘෂ්ටිවාදයක් ගොඩනාගා ගනී.
පිරිමියාගේ පිඩක ස්භාවය, සමාජ,ආරථික සහ දේශපාලනික, නිෂ්පාදන සහ ප්‍රති නිෂ්පාදන සමඟ බැදී තීබේ.මම පසුගිය දිනක, විශ්ව විද්‍යාලයක, බඳවා ගැනීමේ, සම්මුඛ පර්යේෂණයක්වෙත මුහුණ දිමි. එහි, තෝරාගැනීමේ බලය සහිත කණ්ඩායමේ වුයේ, පිරිමි පමණය. මට, පැමිණි ගැටලුව නම්, විශ්ව විද්‍යාලය දැනුම් නිෂ්පාදන කේෂ්ත්‍රයේ ස්ත්‍රී හිඟයක් වේද? ස්ත්‍රීන්, එම, ක්ෂේත්‍රයන් තුල සිටිය ද, ඔවුන් වස්තුන් පමණක් ද?. වරක්, දීප්ති කුමාර ගුණරත්න ප්‍රකාශ කලේ, විශ්ව විද්‍යාලතුල වන, ස්ත්‍රී-පුරුෂ නියෝජන සමතුලනය හෙවත් Gender බැලන්ස් කිරීමෙන් සිදුව ඇත්තේ ජුන්ඩා බැලන්ස් කිරීම බවය. එනම්, ස්ත්‍රිය බලය සහිත පුරුෂ කණ්ඩායමේ, වස්තුවක් බවට පත්ව, දැනුම් නිෂ්පාදනයේ, දෙවන පෙළ, ශ්‍රමිකයා බවට, ඔවුන් ව පත්වීමය. මේ හේතුවෙන්, ඔවුන් බලයට යටත් කණ්ඩායමක් වී ඇත. යම් ස්ත්‍රියක, මෙම බලයට අභියෝග කරමින්, දැනුම නිෂ්පාදනය වෙත, සම පංගුකාරිත්වය, ඉල්ලා සිටින්නේ නම්, ඇය පිළිබද චරිත සහතික ලබා දී සහ ඇයගේ දැනුම, ප්‍රධාන ධාරාවෙදී යටපත් කිරීම සිදු කරයි. යථෝක්ත සදහන් ජුන්ඩා, විවිධ ස්වරුපයන්ගේන් සිටිමින් දැනුම් නිෂ්පාදන ආයතන හි, බල කණඩායම් ගොඩනගා තිබේ. ගුණරත්න ප්‍රකාශ කළ ආකාරයටම, මෙම බල කණ්ඩායම් විසින්, තමන්ගේ බලය ප්‍රශ්න නොකරණ, නරුම අනුගාමිකයන් බිහිකරගනී.

(https://www.youtube.com/watch?v=Us9JioM2ewI). මෙම නරුම අනුගාමිකයන් සහ බල කණඩායම්, මහජන මුදලින් නඩත්තු වන අතර, එම, කණ්ඩායම්හි බලය විසින් දැනුම තීරණය කරනු ලබයි. ඉහත කී, විශ්ව විද්‍යාල සම්මුඛ පර්යේෂණයෙදී, පීඨාදීපතිවරයකු මගෙන්, බලය වෙනුවෙන් අර්ථකතනයක් ඇසීය. බලය යනු පිඩක උපකරණයක් බව මා පැවසී විට, හෙතෙම කිවේ, ‘හඃ බලය යනු පාලනය කිරීම බවය’. පාලනය යනුම පිඩාව නොවේ ද? මෙවැනි පීඨාදීපතිවරුන් විසින් දැනුම සහ තොරතුරු නිශ්පාදනය තීරණය කරණ විට, කළ යුත්තේ ඉතිහාසය අලුතෙන් ලිවිම සහ නරුමයන්ගේ බලය විසින් දැනුම තීරණය කිරිම වැළැක්වීමය.

කපු ගොවිපලේ, කසයෙන් පෙළන ගැහැණියගේ සිට, දැනුම නිෂ්පාදන කරණ, මහජන මුදලින් නඩත්තු වන ආයතන ද ඇතුළු ඉතිහාස සහ වර්තමාන සියලුම සන්දර්භයන් තුල, නරුමයන් ගේ දැනුම තීරණය කිරීමේ බලය හේතුවෙන්, ස්ත්‍රීය යනු පිඩිත පංතියම විය. ඇය, වස්තුවක් මිස මානවයෙක් නොවිය. ඇය තමා වෙත වන පීඩාවේ ප්‍රමාණාත්මකතාවය මත, පුරුෂයා විශ්වාස කරන්නට විය. නිදර්ශනිකා ඇතුළු බහුතර ස්ත්‍රීන් නිරන්තරයෙන්ම ප්‍රකාශ කරණ, ‘හැම පිරිමියාම පිඩකයෙක් නොවේ ’ යන දෘෂ්ටිවාදය අරඹේන්නේ ද එතැනිනි.

ස්ත්‍රීන් වටහා ගත යුතු කරුණනම්, අවකාශයේ අධිපති හිමිකාරිත්වය පවතින්නේ පුරුෂාටය. නිවසේ, සියලුම ශ්‍රම කාර්යයන් සිදුකරණ ස්ත්‍රීය, රැක ගනිමින්, ඇය ගේ මුලික අවශ්‍යතා ඉටු කර, එම ශ්‍රම කාර්යයන් වෙනුවෙන්, ගෙවීමක් කරණ, පුරුෂයාගේ සිට, වැඩබිමෙහි, අන් ගැහැණිය, ලිංගිකව සහ ශ්‍රමිකව පෙළන පුරුෂයා තෙක්ම වන අවකාශය පාලනය කරනුයේ, පිතෘ මුලික සමාජය සහ එහි නියෝජිතයන් විසිනි. මෙම පිතෘ මුලික නියෝජිතයන් , ස්ත්‍රී හෝ පුරුෂ ලිංගිකයන් විය හැකිය. මොවුන් ද, මෙම පිතෘ මුලික අවකාශයේ වස්තුන් වන අතර, අනෙක් අතට, එම අවකාශයේ බලය හැසිරවීමේ කොටස් කරවන්වේ. මෙම අවකාශය තුළ නියෝජනය සහ බල පංගුකාරිත්වය ඉල්ලා සිටිම අරගලයක් වන අතර, පුරුෂ මුලික සමාජය, ප්‍රචණ්ඩත්වය සහ පිඩක ආයතන භාවිතා කරමින්, එම අරගලය විනාශ කිරීමට පටන් ගනී. මෙම කාරණ, වටහා නොගන්නා තෙක්, ස්ත්‍රිය, බලයට යටත් වස්තුවක් වීම අවසන් කළ නොහැකිය. මෙම වස්තුකරණ, ආරම්භයේ දීම සඳහන් කළ, ප්‍රචණ්ඩකාරී සිදුවීම ඇතුළු, ස්ත්‍රීන්ට එදිරිව වන සියලුම ප්‍රචණ්ඩත්වයන්ට හේතුකාරක වේ.

අවකාශයේ හිමිකාරිත්වය පුරුෂ වීම සහ එම පුරුෂත්වය වාර්ගික දේශපාලනික කරුණු සමඟ බැදීම හේතුවෙන් සහ නරුමයන්ගේ , දැනුම නිෂ්පාදනයේ අයිතිය හේතුවෙන් පිඩාවට පත් අනෙක් කොට්ටාශය නම්, සුළු වාර්ගිකයන්ය. ශ්‍රී ලංකාවේ සිංහල- බෞද්ධ නොවන පාර්ශවයන්ට සිදුවන පිඩාවන්ගේ, වෙනස්කොට සැලකීම් හි ප්‍රභවය මෙය වේ. 1983 දී කලු ජුලිය මගීන්, දෙමළාව පණපිටින් පුළුස්සා අළුකර, අගනගරයෙන් එලවා දැමිම සිදුවන්නේ ද, 2009 දී, දෙමළා ව, වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළේදී, ෂෙල් වෙඩි ගසා, යටත් කරගනු ලබන්නේ ද, සිංහල- බෞද්ධ අවකාශ හිමිකාරිත්වය මගිනි.

1983 දී බොරැල්ල බස්රථ නවතුවෙම්දී , දෙමළ කොලුගටයකුගේ රෙදි ගලවා, නිරුවත්කර, පහරදී සිංහල තරුණයන් විසින් මරා දමනුයේ, බලය විසින්, ඒ මොහොතේ දී තීරණය කළ තොරතුරු සහ දැනුම හේතුවෙනි (https://www.colombotelegraph.com/index.php/sri-lankas-black-july-borella-24th-evening/). එම අවස්ථාවේ දී, සිංහල – බෞද්ධ සමාජය වෙත, ලබා දුන් දැනුම වුයේ, දෙමළා යනු ‘වාර්ගික සතුරා’ බව සහ, දේශපාලනික, ආරථික සහ සමාජ අවකාශ තුළ, දෙමළාට කිසිදු පංගුකාරිත්වයක් නොමැති බවය. මෙම වාර්ගික බලයට යටත්වන දැනුම විසින්, 1983 දී , 70,000 ක් පමණ දෙමළ ජනතාවකට, සියලු දෑ අහිමි කරමින්, කඳවුරුගත කළ අතරම වාර්ගික අනෙකාට එරෙහි ප්‍රචණ්ඩත්වයට, රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන දේශපාලන සංස්කෘතියක් ආරම්භ විය. ගන්නාත් ඔබේසේකරගේ Political Violence and the Future of Democracy in Sri Lanka (1984) හි මෙසේ සදහන් කරයි; “දේශපාලන ආයතනයන්ගේ සෝදාපාළුව, පාලකයන් තුළ අසාමාන්‍ය වූ උබතොකොටියකයක් නිර්මාණය කර ඇත. පාලනය වෙනුවෙන් වන ක්‍රියාවලි සහ ආයතන, පාලකයාගේ පෞද්ගලික බලයට යටත් වන අතර, ඒ හේතුවෙන්, පුද්ගලික- අධිකාරි බලය වර්ධනය වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ ඉරණම වනු ඇත”

(http://www.lankaweb.com/news/items/2015/07/19/political-violence-and-future-of-democracy-under-unp-government-1983/)
ගන්නාත්ගේ ප්‍රකාශනය අදට ද වලංගු වේ. 1983 කළු ජූලියේ දී , රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කල, එක්සත් ජාතික පක්ෂය, වර්තමාන ආණ්ඩුවේ පාලන කොටස්කරුවෙකි. එම පක්ෂය නියෝජනය කරණ ආණ්ඩුව විසින්, මේ මොහොතේ දී වත්, එදා, බොරැල්ලේ දී මරා දැමු, දෙමළ ජාතිකයා වෙනුවෙන් හෝ සිදු කල ජිවිත සහ දේපල හානි වෙනුවෙන් යුක්තිය ඉටු කර නොමැත. 1983 දී සිදුවන සංහාරය කෙසේ වෙතත්, 2009ට ප්‍රථම සහ පසුව සිදු කල කිසිදු බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම් සහ මරා දැමීම් පිලිබඳ යුක්තිය ඉටු කර නොමැති බව මතක තබා ගත යුතුය.

අරුණි සමරකෝන් | Aruni Samarakoon