iMAGE: VIKALPA

“ අරාබි ලෝකයට දැන් වැඩියෙන්ම අවශ්‍ය වන්නේ නිදහස් ප්‍රකාශනයයි “

“මෑතකදී Freedom House විසින් ප්‍රකාශයට පත්කරන ලද “Freedom in the World” 2018 වාර්තාව මා විසින් අන්තර්ජාලයෙන් කියවීමෙන් බරපතල යතාර්ථයක් තේරුම් ගතිමි. එහි වර්ගීකරණයට අනුව “නිදහස්” රටක් ලෙස හඳුනා ගෙන ඇත්තේ අරාබි ලෝකයේ එකම එක රටකි. එනම් ටියුනීසියාව පමණි. ජෝර්දානය, මොරොක්කෝව සහ කුවේට් රාජ්‍ය එහි දෙවෙනි තැනට පත්ව තිබෙන්නේ “අඩක් නිදහස්” යන වර්ගීකරණය යටතේය. අරාබි ලෝකයේ අනෙක් සියලු රටවල් වර්ගීකරණය කොට ඇත්තේ “නිදහස් නොවන” රටවල් ලෙසය”

– ජමාල් කෂෝගී –

මේ ජමාල් කෂෝගී අවසන් වරට වොෂින්ටන් පොස්ට් වෙත ලියන ලද තම කොළමේ ආරම්භක වාක්‍ය කීපයයි. එය පළ කිරීමටත් ප්‍රථම ලොව සසල කරමින්ය ඔහු ඝාතනය වී තිබුණි. ජමාල් කෂෝගී යනු සෞදී අරාබියේ ජනමාධ්‍යවේදියෙක් මෙන්ම කතුවරයෙකි. එසේම ඝාතනය වන විට හෙතෙම  වොෂින්ටන් පොස්ට් ග්ලෝබල් වෙත තීරු ලිපි රචකයෙක් ලෙස සම්බන්ධ වී සිටියේය. කෂෝගී මිට පෙර අල්- අරාබ් ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රධාන සංස්කාරකවරයා හා කළමණාකරු ලෙසද එසේම සෞදි ආරාබි පුවත්පතක් වන අල් වතාන් පුවත්පතේ සංස්කාරකවරයා ලෙසද සේවය කොට තිබේ.වසර 30 කට ආසන්න කාලයක පරිණත අත්දැකීම් සහිත කෂෝගී ඔක්තෝම්බර් මස 2 වන දින තම පළමු විවාහයේ දික්කසාදයට අදාළ ලියකියවිලි ලබා ගැනීමට තුර්කියේ ස්තාන්බුල් හි පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලයට යාමෙන් පසු ඔහු අබිරහස් ලෙස ඝාතනය වේ. 59 හැව්රිදි වියේ පසු වූ කෂෝගී සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බිල් සල්මාන්ගේ ක්‍රියාකලාපයන් පිලිබඳ විවේචනය කරන ලද අතර මාධ්‍යවේදී කෂෝගීගේ මරණය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වූයේ ඔහු වෙතය. කෙසේවෙතත් ඔක්තොම්බර් මස 2 වන දා සිට ඔක්තෝම්බර් 19 වන දා දක්වා සති දෙකක කාලයක් මෙම ඝාතනය වසන් කරමින් සිටි සෞදි රජය අවසානයේදී ඔහු ඝාතනය කොට ඇති බව පිළිගන්නා ලදී.මෙම සිදුවීම සම්බන්ධ නවතම මාධ්‍ය වාර්තා එළිදක්වමින් අල් ජසිරා පුවත් සේවය දක්වා ඇත්තේ කෂෝගීගේ ඝාතනය සිදු කොට ඇත්තේ පුර්ව ඝාතන සැලැස්මකට අනුව බවය. එහෙත් තවමත් ඔහුගේ සිරුරට සිදු වුයේ කුමක්ද යන්න ගැටලුවක්ව පවති.

ඒ අනුව 2018.10.25 වන දින දහවල් 12 ට ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට හෙලා දකිමින්වි හා එයට වීරෝධය පළ කරමින් ශ්‍රී ලංකාවේ දී මාධ්‍යවේදීන්/ මාධ්‍යවේදිනියන්, සිවිල් ක්‍රියාකාරීන්/ ක්‍රියාකාරිනියන්, මාධ්‍ය සංවිධාන ඇතුලු පිරිසකගේ සහභාගිත්වයෙන් ඔහු වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් හා සෞදි රජයට ඒ කෙරේ බලකරමින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි. ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් එය සංවිධානය කොට තිබුණි.

සම්පුර්ණ සටහන හා ජායාරූප සඳහා ADOBE SPARK වෙත පිවිසෙන්න