සිංහල, Colombo, Democracy, Governance

විමල්ගේ මාරාන්තික උපවාසය දිගටම..

ජාතික නිදහස් පෙරමුණෙ නායක විමල් වීරවංශ අමාත්‍යවරයා මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයාගේ උපදේශක කමිටුවට එරෙහිව අරඹා ඇති මාරාන්තික උපවාසය දිගටම සිදුකරන බවත් ජනාධිපතිවරයා ඉල්ලීමක් සිදුකලත් එය අත් නොහරින බවත් අමාත්‍යවරයා පවසයි.

මෙම උපවාසය නතර කල හැක්කේ බෑංකීං මූංට පමණක් බවත්, ‛මා මිය ගිය හොත් මාගේ මරණයට වගකිවයුත්තේ බෑංකීං මූන් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.’ එසේම ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසන්නේ අමාත්‍යවරයා තව දුරටත් මෙම උපවාසයේ දී ජලය පානය නොකල හොත් ඔහුගේ වකුගඩු අක්‍රිය වී බරපතල තතවයක් මතු විය හැකි බවයි.