Colombo, Democracy, Governance

ජනපති ඉල්ලීමෙන්, විමල් මාරාන්තික උපවාසය අත්හරී.


එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කීං මූන්ගේ උපදේශක කමිටුව ඉවත්කර ගන්නා තුරු මාරාන්තික උපවාසයක නිරතව සිටි විමල් වීරවංශ අමාත්‍යවරයා හදිසියේම අද(10 සවස සිය උපවාසය අත් හැර දැමුවේය. වීරවංශ අමාත්‍යරයා හදිසියේම සිය උපවාය අත් හැර දැමුවේ අද සවස ජනාධිපතිවරයා උපවාසය සිදු කරන එජා කාර්යාලය ඉදිරිපටට ගොස් වතුර වීදුරුවක් පොවා උපවාසය අත්හරින්න යැයි කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙනි. ඉන් පසුව විමල් වීරවංශ අමාත්‍යවරයා ගිලන් රථයකින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටත් කර යැවීය.

මේ අතර අද දහවල් වන විට ඔහු පවසා තිබුණේ තම ජීවිතයට යමක් සිදු වුවහොත් එයට වගකිව යුත්තේ එජා සංවිධානයේ මහලේකම් වරයා බවත්, කසිදු හේතුවකට උපදේශක මණ්ඩලය ඉවත් කර ගන්නා තුරු තම උපවාසය අත් නොහරින බවය. ඊයේ(9 දා උපවාසියේ යෙදී සිටියදී විමල් වීරවංශ අමාතයවරයා පවසා තිබුණේ ජයග්‍රණය කරන තුරු මෙම උපවාසය අත් නොහරින බවය.

කෙසේ වෙතත් මින් ඉදිරියට මේ පිළිබදව ගන්නා තීරණයන් පිළිබදව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක බංඩාර මහතාගෙන් ‛විකල්ප’ සිදු කල විමසීමකදී ඔහු කියා සිටියේ අද සිදුකරන මාධ්‍ය හමුවේදී එය දැනුම් දෙන බවය.