සිංහල, Colombo, Democracy, Human Rights, Life quips, Media

කලා පොලීසිය නැවතත් වේදිකාවට කඩා පනී.

දෙබිඩ්ඩෝ නාට්‍යය වේදිකා ගත වූ එලිපින්ස්ටන් රංග ශාලාවට පසුගිය ජූනි 23 දා පොලීසිය පැමිණ එහි දුම්පානය කරන ජවනිකාව නීති විරෝධී බැවින් එය ඉවත් කරන ලෙස එහි අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතාට පවසා තිබේ. මෙසේ පොළීසිය පැමිණ ඇත්තේ පුද්ගලයෙක් විසින් පොළිසියට කරන ලද පැමිණිල්ලකට අනුවය.

කෙසේ වෙතත් දෙබිඩ්ඩෝ නාට්‍යය, නාට්‍යය අනුමන්ඩලයෙන් අනුමත වූ නාට්‍යයකි. නාට්‍ය අනුමන්ඩලයෙන් අනුමත වූ නාට්‍යයකට පොලීසියට එහි ජවනිකා පිළිබද තීරනය කිරිමට ඇති අයිතිය කුමක්දැයි බොහෝ ප්‍රේක්ෂකයින් විමසයි. නමුත් කලා කෘතියකට මෙසේ පොළිසිය කඩා පැන ප්‍රශ්ණ කිරිමට උත්සහ කල පලමු අවස්ථාව මෙය නොවේ. ලංකාවේ සැබෑ ත්ත්වයන් වස්තුබීජ කරගනිමින් නිශ්පාදනය කල බොහෝ කලා කෘතිවලට මෙසේ පොලීසිය විසින් බොහෝ අවස්ථාවන් වලදී බාධා කරනු පසුගිය වකවානුව පුරාම දකින්නට ලැබිනි.

මෙය පොලිසිය විසින්ම සිදුකරනු ලබන ක්‍රියාවක් නොව වෙනත් දේශපාලනික උවමනාවන් සඳහා සිදු කරන බව ද ආරංචිමාර්ග පවස යි. කෙසේ නමුත් ලංකාවේ නිලි රුජින යැයි පවසන මාලනි ෆොන්සේකා වැනි නිළියන් මේවනවිට පාර්ලිමේන්තුවත් නියෝජනය කරන වකවානුවක මෙය සිදු විම හාස්‍ය ජනක මෙන්ම කලා කෘතිවල අනාගතයට භයානක අනතුරු ඇඟවීමකි.


Pic By – DEBIDDO’s Photos – DEBIDDO INQUIRED AND THREATENED TO REMOVE AN ACT!