iMAGE: Vikalpa

2019 වසරේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු තම නාම යෝජනා ලබා දුන්නේ පසුගිය ඔක්තෝම්බර් මස 7 වන දිනය. එදින සියලු අපේක්ෂකයන් අමතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිලිබඳ පනතේ 74 වගන්තිය යටතේ නාම යෝජනා දින සිට ඡන්ද විමසීම අවසන් වන තෙක් අපේක්ෂකයෙකු තෝරා පත් කර ගැනීමේ ඉඩකඩ වැඩි කිරීම සඳහා හෝ තවත් අපේක්ෂකයෙකු අගතියට පත් කිරීම සඳහා ප්‍රචාරක පත්‍රිකා හා අනෙකුත් දෑ ප්‍රදර්ශනය කිරීම හා බෙදා හැරීම සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන කෙරෙහි සියලුම අපේක්ෂකයින්ගේ සහ ආධාර කරුවන්ගේ අවධානයට ලක්කරමින් අපේක්ෂකයින් තම මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය කළ යුතු ආකාරය සම්බන්ධව විශේෂ සඳහනක් කරන ලදී.එනම්

මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් හෝ වෙනත් ආකාරයක ප්‍රචාරණ ඡායාරූපයක්  හෝ එවැනි චිත්‍ර, ඡන්ද සලකුණු, ධජ පතාක යන ආදිය ප්‍රදර්ශනය කළ හැක්කේ රැස්වීමක් පැවැත්වීමට නියමිත දිනයට ඒ ස්ථානයේ හෝ ඒ ස්ථානය අසල හෝ විධිමත් ලෙස අවසරය ලබාගත් නිවේදිත ඡන්ද කාර්යාල වල නිශ්චිත සීමා කිරීම වලට යටත්ව පමණි යන්නය.

Adobe Saprk හි සම්පුර්ණ  ඡායාරූප සටහන කියවීම සඳහා පිවිසෙන්න 

පාප්පෙන් නෑවෙන තාප්ප - මිලියන 45 ක මහජන මුදලින් ගැලවෙන ජන්ද පෝස්ටර්