Colombo, Featured Articles, Features

රාජ්‍ය සේවයට එරෙහිව මර්වින් කඹය අතට ගැනීම හෙවත් ‛මර්වින් නීතියේ’ ගඳ


Pic By Daillymirror.com
ඩෙංගු මර්ධන වැඩසටහනකට සහභාගී නොවුනේ යැයි ප්‍රකාශ කරමින් කැලනිය ප්‍රදේශයේ සමෘද්ධි නිළධාරියෙකු නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වා විසින් ඊයේ(03)ගස් බැද තිබේ. කැළණිය, රජයෙ කාර්යාලය තුළ මෙසේ ප්‍රසිද්ධියේ රාජ්‍ය සේවකයෙකුට තමන්ට හිතු මනාපෙට, තමන් සිතූ දඩුවම් ලබා දීමට ඇමතිවරයෙකුට අයිතියක් තිබේද? තම සහෝදර නිළධාරීන් බලා සිටියදී මේසේ කඹයකින් ගසක බැදීමේන් එම සමෘද්ධි නිළධාරියා තුල ඇතිවන මානසික කම්පනය මර්වින් වැනි අවිචාරවත් ඇමතිවරයෙකුට සිතා ගන්නටවත් බැරි බව ලංකාවේ මෙන්ම ලෝකයේ ද බොහෝ දෙනා දනිති.

පසුගිය කාලයේදී කැළනියට පැමිණි මර්වින් පොලීසියට පවා මාධ්‍ය ඉදිරියේ තර්ජනය කළේ ‛‛ප්‍රදේශයේ මංත්‍රිවරයා ප්‍රදේශයට ආපුවහම තමුසේට එන්න බැරිද යැයි උසස් පොළිස් නිළදාරියෙකුට මර්වින් ඇමති වරයා කළ තර්ජනය ලෝකයම දුටුවේය. නමුත් ලංකාවේ ප්‍රජාත්න්ත්‍රවාදයවත්, යුක්තිය සඳහා ඇති කිසිදු ආයතනයක් එය දුටුවේ නැත.

එසේම මාධ්‍ය ආයතනවලට තර්ජනය කිරීම් සම්බන්ධයෙන්ද අමාත්‍ය මර්වින්ට චෝදනා එල්ල වූ අවස්ථාවලදී ද ඔහුගේ ප්‍රතිචාරය වුයේ මෙම ගස් බැදීම සිදුකොට ඔහු කළ ප්‍රකාශයට සමාන ඒවාය.

ඔහුට අනුව නිළධාරීන්ට ප්‍රසිද්ධියේ දඩුවම් දීම මගින් ඩෙංගු අවසන් කළ හැකි අමාත්‍ය මර්වින් සිල්වා නිෙයා්ජ්‍ය අමාක්‍යවරයා යැයි සිතනවා ඇත. එසේම රාජ්‍ය සේවකයන්ට අදාලව ආයතන සංග්‍රහ, අධිකරණය වැනි යුක්තිය පසිඳලීමේ ආයතන තිබිය දී ආමාත්‍යවරයෙක් තමන්ට හිතෙන ලෙස විශේෂයෙන් රාජ්‍ය නිළධාරීන්ට දඩුවම් පැමිණ වීම සිහිකරවන්නේ එක්ධිපති පාලනයන් ගේ ස්වරූපයන් ය.

මේ පිළිබදව ඊයේ බීබීසී යට අදහස් දැක්වූ රාජයේ පරිපාලන නිළධාරීන්ගේ සංගමයේ ලේකම් බී. බී. වික්‍රමසිංහ මහතා පවසන්නේ ‛‛රාජ්‍ය සේවයේ විනය කටයුතු කරන ක්‍රමයක් තියනවා. අමාත්‍යවරයාට උනත් සෘජුවම මේවගේ දඩුවම් කිරීමේ හැකියාවක් නෑ. රාජ්‍ය සේවයේ කොතනක අවස්ථාවකවත් මේ විදිහේ ක්ෂනික දඩුවම් දීමේ ක්‍රමයක් නෑ. ඒකට තියනවා අයතන සංග්‍රහය වගේ ආමාත්‍ය මණ්ඩලය අනුමත කරපු ක්‍රමවේදයක්. ක්‍රමවේදයෙන් පරිබාහිරව ගිහිල්ලා හිතු මනාපෙට එහෙම කරනවා යැයි කියන එක අපිට අනුමත කරන්න බැහැ. මේක ඇත්තටම හෙලා දකිනවා. දැන් ඇත්තටම මේක නිසා රාජය සේවකයන්ට ලොකු කලකිරීමක් ඇතිවෙනවා. මේ වගේ ක්‍රියාවන් තුළින් ලොකු කඩා වැටීමක් සිද්ධ වෙනවා’’

මෙහි බරතල තත්වය වන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාවලිය අනිකුත් ක්ෂේත්‍රවලදීත් ආදර්ශයට ගැනීමට උත්සහ කීරීමට ගියහොත් ය. විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ වරදින් රෝගීන් මියයන යන බව අසන්නට ලැබෙයි.. එවිට එහි ඇමතිවරුන් හෝ වෙනත් පරිපාලකයෙකු හෙදියන් හෝ වෛද්‍යවරුන් රෝහල භූමියේ ගස් බැන්දහොත්, එසේත් නැතිනම් රියදුරෙකුගේ වරදින් මගියෙකු මරණයට හෝ තුවාල වුවහොත් රියදුරා රිය තුළට දමා පිලිස්සුවහොත්, පාසල් ළමුන් විභාග වලින් අසමත් වනවා යැයි පවසා සියලු ළමුන් ඉදිරියේ ගුරුවරුන් වේදිකාවට නංවා පහර දුනහොත් මෙ සමාජයට කුමක් වන්නේ ද?

‛මර්වින් නීතිය’ රටේ ආදර්ශය වුවහොත්, සියලු දෙනා නීතිය තමන්ට රුචි ලෙස භාවිතා කිරිමට පෙළඹුනහොත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ලංකාවට අවශ්‍යම වන්නේ නැත. නමුත් ඇමති මර්වින් එසේ සිතනවා විය හැක. එසේ වන්නේ ඔහුගේ දේශපාලන ආදර්ශය ‛ගැමුණු’ බැවිනි. ගැමුණු යනු දේශපාලනිකව අසමත්, නූතන දේශපානික සම්ප්‍රදායන් ප්‍රතික්ෂේප කරන, යම් විදිහක ‛ඒකාධිපති’ එෙස්ත් නැකිනම් ‘වහල්’ ක්‍රමයක් බැවිනි.

එසේම ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කරනවා යැයි බලධාරීන් මේ වනවිට පවසයි. ඔවුන්ගේ උදාහරණය වන්නෙ සිංගප්පූරූවයි. සිංගප්පූරුවේ ද ක්‍රියාත්මක වන්නේ මෙවැනි ‘මර්වින් නීතිය’ වැනි ලීකුවාන් යූගේ වැඩිමහල් පුත් ලී හසිං ලිංගේ නීතිය යි. එහිදීත් ඔහුට අනුව සියලු දේ සිදුවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස තුට්ටුවකටවත් මායිමි කරන්නේ නැත. ආමාත්‍ය මර්වින් ද එලෙසම ය. ඇමතිවරුන් පිරිවරාගෙන කැළනි ගුවන් පාලම විවෘත කළදා තමන් විවේචනය කරන ලද මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකුගේ කැමරාව පොළවේ ගැසුවේ ද එකළ නියෝජ්‍ය කම්කරු ඇමතිවරයා වූ මර්වින් ය. සිංගප්පූරුවේ ද එ්ෙස්ය. විවේචනාත්මක මාධ්‍ය යන්න ඔවුන් දන්නේ ම නැත.

පසුගියදා විකල්ප වෙබ් අඩවියට ලිපියක් ලියන සුනන්ද දේශප්‍රිය සිංගප්පූරුව ගැන මෙසේ ලියයි. ”එසේ නමුත් මෙම ආර්ථික සංවර්ධනය මුදුන් පමුනුවා ගනු ලැබුණේ සමාජය මත පනවා ඇති දරදඬු නීති මාලාවක් ද සමඟ ය. එම නීති ආර්ථික සංවර්ධනයට අත්‍යවශ්‍ය ඒවා නොවූ අතර පාලක පක්ෂයේ මතවාදී ආධිපත්‍ය පවත්වා ගැනීම පිණිස සැළසුම් කරන ලද ඒවා විය. අවධාරණය දෙනු ලැබූයේ මානව සංවර්ධනයට නොව වැඩ විනයට ය. නීති රීති සහ දඩුවම් යාන්ත්‍රණයක් මගින් මිනිසුන් හුදෙක් වැඩ කරන එනමුත් නිදහසේ නොසිතන නොපතන පිරිසක් බවට පත් කිරීමට ය. අද සිංගප්පූරුව මුහුණ දී සිටින ප්‍රධානතම සමාජ ප්‍රශ්ණයක් වන්නේ මානසික වශයෙන් අතෘප්තිමත් එරට පුරවැසියා ය. එහි සිටින්නේ බොහෝ කොටම එදිනෙදා ජීවත්වීම හැරුණ විට රාජ්‍ය පාලනය ගැන උනන්දුවක් නොදක්වන පිරිස් ය. නිදහස් චින්තනය එරට සපුරා තහනම් ය.” ” සිංගප්පූරුවෙහි ක්‍රියාත්මක වන මරණ දඬුවම විවේචනය කරමින් පොතක් ලියූ බ්‍රිතාන්‍ය ජාතික ඇලන් ෂඩ්රේකා පසුගිය 18 දා අත්අඩංගුවට ගැනීමෙන් යලිත් වරක් පෙන්නුම් කැරුණේ කිසිදු විවේචනාත්මක මාධ්‍ය අවකාශයකට සිංගප්පූරු ආශ්චර්‍යය ඉඩ නොදෙන බව යි.”

ආණ්ඩුව ද. යුක්තිය සඳහා ඇති ආයතන ද ඇස්කන් පියාගෙන ‛මර්වින් නීතිය’ දෙස බලා සිටින්නේ විහිඑ චිත්‍රපටයක් දෙස බලා සිටින්නාක් මෙනි. නමුත් මෙම ආදර්ශය දුර දිග ගියහොත් ලාංකීය පුරවැසි සාමාජයට සිදුවන්නේ සමෘද්ධි නිළධාරියා බැද දමා තිබූ කඹයෙන්ම සිය දිවි නසා ගැනීමට ය.