iMAGE: via Sunday Morning

ව්ල්පත්තුව ජාතික වනෝද්‍යානය කලින් කලට මෙරටේ සමාජ මාධ්‍ය ඔස්සේත්, මාධ්‍ය ඔස්සේත් කතා බහට ලක්වෙන මහජන අවධානය දිනා ගන්නා මාතෘකාවක් බවට දැන් කාලයක සිටම පත්වෙමින් තිබේ. විශේෂයෙන්ම වනෝද්‍යානය කේන්ද්‍ර කරගනිමින් විවිධ ආකාරයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීම මිට හේතුව ලෙස දැක්විය හැකියි. පාරිසරික හා ආර්ථික කාරණා ඉක්මවමින් ජාතිවාදය ඇවිස්සීම දක්වාම එය ව්‍යාප්ත විය. කෙසේ වෙතත් ඒ කතාකාවත පහව යන මොහොතක නැවත විල්පත්තුව පිළිබඳව සාකච්ජාව මතුව එන්නේ කෝමාරිකා වගාව හේතුවෙනි.

පවතින ආණ්ඩුව බලයට පැමිණි මුල් මාස 3 ඇතුළත මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කෙ රෙන්නේ එස්.එම්. චන්ද්‍රසේන හිටපු අමාත්‍යවරයාගේ පුර්ණ මැදිහත්වීමද ඇතුවය. මෙම කෝමාරිකා වගාවට ජලය ලබා ගැනීමට විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වන කලා ඔයේ සිට තරමක් දුරින්, කළා ඔයේ සිට ඇළ මාර්ග ගණනාවක් ඉදි කොට, නව වාරි පද්ධති සකස් කරමින්, වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ ඉදිකිරීම් ගණනාවක් කරමින් මෙම කෝමාරිකා වගාව ආරම්භ කොට තිබේ.

ඒ අනුව විකල්ප විසින් පරිසරවේදි සජීව චාමිකර මහතාගෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව දැනට කෙරෙන කෝමාරිකා වගා ව්‍යාපෘතියේ පසුබිම සහ ඒ හරහා විය හැකි පාරිසරික හා සමාජ බලපෑම පිලිබඳ විමසීමක් කළෙමු. මේ ඔහු එහිදී අප සමඟ දැක් වූ කෙටි අදහස් දැක්වීමකි.

 

Facebook හරහා නැරඹීමට