සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation

‛‛18 වැනි සංශෝධනයේ අරමුණ තවත් බලය තහවරු කර ගැනීමයි’’ ආචාර්ය සරවනමුත්තු

අද ආණ්ඩුව ක්‍ෂේඨාධිකරණයට යවපු 18 වැනි සංශෝධනය, ඒකෙ අරමුණ තමයි ජනාධිපතිතුමාගේ බලය තවතවත් තහවරු කරගන්න, ඉංග්‍රීසියෙන් කියනවනම් ක්‍යැජනි ්බා ඊ්ක්බජැි අවශ්‍යයි. අද ලංකාව දිහා බලනකොට මොනවටද ප්‍රමුඛතාවය දෙන්න තියෙන්නෙ. යුද්ධයක් ඉවර කරා, දැන් කරන්න තියෙන දේ අවශ්‍යම දේ තමයි ජනවාර්ගික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් ලබා දීම. නමුත් ආණ්ඩුවේ ප්‍රමුඛතාවය තමයි බලය තහවුරු කරන්න මේ 18 වන සංශෝධනය පාවිචිකිරීම තුළින්. එහි මොනවත් කියන්නේ නැහැ ජනවාර්ගික ප්‍රශ්ණය ගැන. දෙවනුව 17 වන සංශෝධනය, අපිට තිබිච්ච 17 වන සංශෝධනය, යහපාලනය ගැන තමයි එහි තිබුණේ. ඒක අහෝසි කරල, දැන් උපදේශක කමිටුවක් හැටියට ජනාධිපතිතුමා, කථානායකතුමා, විපක්‍ෂනායකතුමා, අගමැතිතුමා ඇතුලු තවදෙන්නෙක් විපක්‍ෂනායකතුමාගේ නියෝජිතයෙක් සහ අගමැතිතුමාගේ නියෝජිතයෙක් පත් වෙයි. ඒගොල්ලන්ට උපදෙස් දෙන්න පුළුවන් ජනාධිපතිතුමාට. ඒ කියන්නෙ ඒ බලයත් දැන් ජනාධිපතිතුමාට තමයි යෝජනා වෙන්නෙ. මේ නිසා අද ලංකාවේ යහපාලනය දිහා බලනකොට ලොකුම, ලොකු අභියෝගය, ලොකුම බිය තමයි ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙයිද කියන එක.

(ආචාර්ය පාක්ක්‍්‍යසෝති සරවනමුත්තු මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි)