සිංහල, Colombo, Democracy, Governance

‛‛ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුවහන් කරන ව්‍යවස්ථා සංශෝධනයක්.’’ ජවිපෙ.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අද(02) කොටුව දුම්රිය ස්ථානය අසලදී ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් පැවැත්වීය.

එයට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, කේ. ඩී. ලාල් කාන්ත සහ අනුර දිසානායක, විජිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දැක්වූ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ‛‛අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුවහන් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ආණ්ඩුව ඉදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුවට ගෙනල්ලා 2/3 බලයකින් සම්මත කරගන්න උත්සහ කරමින් ඉන්නවා. මේ ව්‍යවස්ථාව ඒකාධිපති බලය තවත් තහවරු කරගන්න ගේන ව්‍යවස්ථාවක්. කෙසේ වෙතත් මේ ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත්කල යුතුව තියෙනවා. එසේ නැතිනම් අපිට අනාගතයේදී ප්‍රජාතන්ත්‍රවාදය නැති ඒකාධිපති රටක ජීවත් වෙන්න සිද්ධ වෙනවා.’’