Colombo, Featured Articles, Features

“පොඩ්ඩක් තට්ටුකරලා බලන්න , ඔබේ හදවත තියෙනවද කියලා”

ප්‍රජාතන්ත්‍රවාදයේ අක්මුල සිඳීමට සූදානම්වන මොහොතක, ජනතාවගේ හෘද සාක්‍ෂියේ නිහඬබව විකල්ප කලා මාධ්‍යක් ඔස්සේ ප්‍රශ්ණ කරයි…

රාජපක්‍ෂ ආණ්ඩුව විසින් 18 ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සියල්ල සූදානම්ය. එමඟින් විධායකයේ අසීමාන්තික බලය තවත් වැඩිකිරීමට ඔවුන්ගේ අරමුණ. එක් පුද්ගලයෙකු වටා අසීමිත ලෙස බලය ගොනුවීම, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගවලට සම්පූර්ණයෙන්ම පටහැනිය. නමුත් එවැනි වටපිටාවක් තුළද ජනතාව නිහඬය. ඔවුන්ගේ හෘද සාක්‍ෂිවලට ඔවුන් විසින්ම ඇදිරි නීතිය දමාගෙන ඇති හැඩක් එම නිහඬ බව ඔස්සේ පෙන්නුම් කරයි. එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. මන්ද, මේ අහිමිව යන්නේ අප සැමගේ අයිතීන් වන බැවිනි.

පසුගිය ඉරිදා දින කොටුව දුම්රිය ස්ථානය අවට දී ප්‍රජාතන්ත්‍රවාදය අගයන තරුණ කණ්ඩායමක් විසින් විකල්ප කලා මාධ්‍ය භාවිතය ඔස්සේ, මෙම හෘද සාක්‍ෂියේ නිද්‍රාශීලීභාවය ප්‍රශ්ණ කළහ. “පොඩ්ඩක් තට්ටුකරලා බලන්න , ඔබේ හදවත තියෙනවද කියලා” යන මාතෘකාව ඔස්සේ මහජනතාව දැනුවත් කිරීම සඳහා හදවතක අනුරුවක් පිඟානක් මත තබාගෙන මිනිසුන්ගේ නැතිවී ගිය හදවත, හෘද සාක්‍ෂිය නැවත මතක් කර දුන් අතර අත්පත්‍රිකාවක්ද බෙදාහැරිණි.

ෙම් එහි ෙබදා හැරි අත් පත්‍රිකාවයි