ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද(14) නිවේදනය කළේය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කතානායකවරයා පවසන ලද්දේ, 2022 ජුලි 14 වන දින සිට ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ සිය ධුරයෙන් නීත්‍යනුකූලව ඉල්ලා අස්වී ඇති බවයි.

ඒ අනුව මෙතැන් සිට නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ ව්‍යවස්ථාමය ක්‍රියාදාමය පිළිබද විවිධ අර්ථකනයන්, මාධ්‍ය/ සමාජ මාධ්‍ය තුළින් සංසරණය වීමට පටන් ගෙන ඇත. එවැනි තත්ත්වයක ජනාධිපතිවරයා නිත්‍යානුකූළව ඉල්ලා අස් වී ඇති තත්ත්වයක, නැවත ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට අදාළ ව්‍යවස්ථා ප්‍රතිපාදන පිළිබදව ‘විකල්ප’ වෙබ් අඩවිය වෙනුවෙන්, නීතිවේදී ගෙහාන් ගුණතිලක විසින් නීතිමය පැහැදිලි කිරීමක් සිදුකරනු ලබයි.

බලන්න මෙම වීඩියෝව