සිංහල, Colombo, Democracy, Governance, Human Rights

‛‛18වන සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන සියලු දෙනා ඉතිහාසයේ අපරාධකරුවන් වෙනවා.’’ නීතිඥවරුන්ගේ විරෝධය – එහි සේයාරූ

‛‛ජනතා පරමාධිපත්‍ය සොහොන් ගත කරනවාට විරුද්ධව අද ශ්‍රී ලංකාවේ නීතිඥයින් මෙම ස්ථානයට පැමිණිලා ඉන්නවා. මේ ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ රටේ අහිංසක මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වලපල්ලට යැවීමට ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මෙම යෝජිත 18වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මෙම ස්ථානයට පැමිණි කොඳුනාරටිය තියෙන ප්‍රගිතිශීලි නිතිඥ වරුන්ට ස්තුතියි.’’ මෙසේ පවසා සිටියේ ජාතික නීතිඥ සංගමයේ ලේකම් ගුණරත්න වන්නිනායක මහතායි. ඒ අද කොළඹ මහාධිකරණ සංකීර්ණය ඉදිරිපිට යෝජිත 18වන සංශෝධනයට එරෙහිව පැවති උද්ඝෝෂණයකදීය. ඔහු වැඩිදුරටත් මෙසේ පවැසී ය.

‛‛8වනදා පාර්ලිමේන්තුවේ මෙම පනතට පක්ෂව ඡන්දය දෙන සියලු දෙනාට ඉතිහාසයේ අපරාධ කරුවන් වෙනවා.මේ සොහොන්ගත කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියයි. ඒ නිසා සියලු දෙනාට වගීමක් තියනවා එයට එරෙහි වෙන්න.’’