Banner iMage: srilankanews

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපතිධූරයට පත් වී වසරක් ගත වී තිබේ. එම ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ලබා ගත් මුලු ඡන්ද සංඛ්‍යාව 5,634,915 ක් වූ අතර, එම ජනාධිපතිවරණයෙන් 2වන ස්ථානයට පත් වූ සජිත් ප්‍රේමදාසට ලබා ගත හැකි වූ ඡන්ද සංඛ්‍යාව 4,363,035 කි.

එම ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට ඉදරිපත් කළ සිය මැතිවැරණ ප්‍රකාශනය නම් කර තිබුණේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ යන නමිනි. කෙසේ වෙතත් 2019 ජනාධිපතිවරණයෙන් 3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් ලබා ගැනීමට හැකිවූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක 2024 ජනාධිපතිවරණයෙන් විශාල ජනවරමක් ලබමින් ශ්‍රී ලංකාවේ 10වන විධායක ජනාධිපතිවරයා බවට පත් විය.

පහත පළවන්නේ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වසරක් තුළ සිදුකල, සිදුනොකළ, සිදුවෙමින් ඇති සහ සාකච්ඡාවක් නැති සහ සුවිශේෂී විෂයන් පිළිබද තෝරාගත් යෝජනා, ක්‍රියාමාර්ග, අදහස් පිළිබද කෙටි විමසුමක් info-graphics/NapkinAI ආකාරයට ඉදිරිපත් කරයි.

🔴 විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ කලත්‍රයන්ට දී ඇති විශ්‍රාම වැටුප්, විශේෂ දීමනා හා වරප්‍රසාද අහෝසි කිරීම (ඉටු කර ඇත)

🔴 විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙකු පත් කිරීම (තවම ඉටු කර නොමැත)

🔴 රැකියා සඳහා රටින් පිටත සංක්‍රමණික පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම (කැබිනට් අනුමැතිය හිමිව තිබේ)

🔴 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අහෝසිකිරීම/ සංශෝදනය කිරීම (තවම ඉටු කර නොමැත)

🔴 මහජන නියෝජිතයන් නැවත කැඳවීමේ බලය ජනතාවට ලබා දීම (තවම ඉටු කර නොමැත)

🔴 ප්‍රජාශක්ති ජාතික සමාජ ආරක්ෂණ අරමුදලක් ආරම්භ කිරීම (ඉටු කර ඇත)

🔴 පුද්ගලයන් සඳහා වාර්ෂික බදු නිදහස් සීමාව රු. ලක්ෂ 12 සිට ලක්ෂ 24 දක්වා වැඩි කිරීම (බදු නිදහස් සීමාව රු. ලක්ෂ 18 දක්වා පමණක් වැඩි කර තිබේ)

🔴 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම (කැබිනට් අනුමැතිය හිමිව තිබේ)

🔴 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම (තවම ඉටු කර නොමැත)

🔴 දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම (තවම ඉටු කර නොමැත)

🔴 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු සියලු පීඩාකාරී පනත් අහෝසි කිරීම (තවම ඉටු කර නොමැත) (ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ ‘ප්‍රති ත්‍රස්ත පනත’ යනුවෙන් ය)

🔴 කල් තබා ඇති පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ වසරක් තුළ පැවැත්වීම (පළාත් පාලන මැතිවරණය පැවැත්වීය, පළාත් සභා මැතිවරණය පවත්වා නැත)

🔴 මළයහ දෙමළ ප්‍රජාවගේ වැටුප් ජීවන වියදමට සරිලන ලෙස ඉහළ දැමීම (තවම ඉටු කර නොමැත)

🔴 2019.04.21 දින පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ නිර්දේශයන්ට අනුව අදාළ දේශපාලනඥයින්ට සහ නිලධාරීන්ට එරෙහිව කඩිනම් නීතිමය පියවර ගැනීම (තවම ඉටු කර නොමැත)

🔴 විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම ( සාකච්ඡාවක්වත් නැත)

යුක්තිය

🟥 උතුරු නැගෙනහිර ඇතුළු ප්‍රදේශවල පසුගිය කාලයේ සිදු වූ ඝාතන, අතුරුදහන්වීම් සහ පැහැරගැනීම් පිළිබඳව විමර්ශනය කර යුක්තිය ඉටු කරන බව සඳහන් වුවත්, මේ දක්වා සාධනීය, විවෘත සහ විනිවිදභාවයකින් යුතු යාන්ත්‍රණයක් නැත.

ජනමාධ්‍ය

🟥 ‘සමස්ත ජනමාධ්‍ය ක්‍රියාවළිය ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යාම සදහා ස්වාධීන ජනමාධ්‍ය කොමිෂන් සභාවක්’ පිළිබද ක්‍රියාමාර්ගයක් පිළිබද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් වුවද, වසර ගණනාවක් ජනමාධ්‍ය සමාජයේත්, ප්‍රකාශනයේ නිදහස පිළිබද උනන්දුවක් දක්වන පුරවැසියන්ගේ ද දැඩි විරෝධයට සහ විවේචනයට බදුන් වූ 1973 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනත අහෝසි කරනවා යැයි කිව්වත් දැන් පුවත්පත් මණ්ඩල පනත සංශෝදනය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

Info-graphics: NapkinAI

Develop By NotebookLM